ජර්මනියේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය ශී‍්‍ර ලංකාවට එරෙහි ව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව බහුතරයක විරෝධතාවයකින් නිෂ්ප්රභා කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.ජර්මනියේ පාලක ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂය මෙම යෝජනාව පරාජයට පත් කිරීම සඳහා මූලිකත්වය ගෙන ඇති අතර ඊට සෙසු පක්ෂවල ද සහාය ලැබී තිබේ.ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය සියැසින් දැකබලාගත් ජර්මානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් මෙම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත.
යුරෝපයේ ශක්තිමත් ම ආර්ථිකයකට හිමිකම් කියන ජර්මනියේ පාර්ලිමේන්තු බහුතරය ශී‍්‍ර ලංකාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳ ව පැහැදීමකට පත් ව ඇති බව මෙයින් පැහැදිලි වේ.