රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම සඳහා වරායේ සිට තොටළඟ පිහිටි රේගු අංගණය වෙත ගෙන යමින් තිබියදී පසුගිය බදාදා රාත්‍රියේ තොටළඟ - ඉඟුරුකඬේ මංසන්ධියේදී සුරාබදු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් කන්ටේනර් දෙකේ එතනෝල් තිබූ බවට අද (16) තහවුරු විය.
රේගු නිලධාරීන් සහ සුරාබදු නිලධාරීන් එක්ව එය විවෘත කළ අවස්ථාවේ එහි තිබූ බැරල් 310ක එක් බැරලයක ලීටර් 200 ක් පමණ අඩංගු වී තිබේන එතනෝල් මධ්‍යසාර ලීටර් 62,000ක් ඇති බවට සියයට 95 විශ්වාස බවත්, එය සැකහැර දැන ගැනීමට රජයේ රස පරීක්ෂකට යවන බවත් එම නිලධාරීහු පවසති.මෙම කන්ටේනර් දෙක සුරාබදු නිලධාරීන් විසින් තොටළඟ ඉඟුරුකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තොටළඟ රේගු බහාලුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගියෙය.
එහි සඳහන් කර තිබී ඇත්තේ දැවෙනසුළු ද්‍රව්‍යයක් යනුවෙනි පමණි.
මේ වනවිට, මෙම එතනෝල් පිළිබඳ රස පරීක්ෂක වාර්තාව සඳහා අවශ්‍ය සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇත. මෙම එතනෝල්හි අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය සියයට 96ක් වන බව වාර්තා වන අතර, එම එතනෝල් ප්‍රමාණයේ වටිනාකම කෝට් 04ත් ඉක්මවා යනු ඇතැයිද රේගු නිලදාරීහු පවසති.