අගවිනිසුරුට පෝස්ට් කාඩ් යවන්න

“ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගන්න බැරි ප්‍රශ්ණය පෝස්ට් කාඩ් එකක ලියලා මට එවන්න. මම ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා.” අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පවසයි. “මගේ ලිපිනය, අගවිනිසුරු,කොළඹ 12” මොහාන් පීරිස් මහතා වැඩිදුරටත් කියයි. 
අගවිනිසුරුවරයා මෙසේ පැවසුවේ ඊයේ (05) සවස බකමූණ ප්‍රදේශයට සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයක් විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුව අමතමිනි. “ඇමරිකාව අපිට මානව හිමිකම් උගන්වන්න හදනවා.ඔවුන්ට මානව හිමිකම් මතක් වුණේ දෙවැනි ලෝක යුද්දයෙන් පස්සේ. අපි මානව හිමිකම් රකින්නේ වසර 2500ක් ඈත කාලයක පටන්” අගවිනිසුරුවරයා වැඩිදුරත් කීවේය.





Gossip Lanka Hot News Previous News Archive