අද මතට තිත තියා කොමාවක්වත් තැබීමට බැරිවී ඇති බවත් සමහර දේශපාලනඥයන්ගේ බලපෑම් නිසා පොලිසියට නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්වී ඇති බවත් ඇඹිලිපිටිය විලේජ් හෝටලයේදී පැවැති වළව මිටියාවත ජනමාධ්‍යවේදී උපහාර උළෙලේදී පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මෙසේද පැවැසූහ."අද මන්ත්‍රිවරුන්ට තැබෑරුම් බලපත්‍ර දෙන්නේ නැති නිසා ගෙස්ට් හවුස් විවෘත කරනවා. නමුත් ඒවායේ තැබෑරුම්වලටත් එහා ගිය කටයුතු සිදුවෙනවා."භික්ෂුන් වහන්සේ ආගම් භේද, ජාති භේද අවුස්සමින් ප්‍රශ්න ඇතිකරන බවට සමහරු චෝදනා කළත් සංඝ භේදයක් ඇති කරන්නේ නීති විරෝධී හලාල් සහතිකය අප රටට නිකුත් කරන උලමාවරුන්ගේ සංවිධානය බවත් උන්වහන්සේ පැවැසූහ.
"හලාල් සහතිකය යටතේ මුස්ලිම් නොවන අයත් අද සූරා කෑමට ලක්වෙලා. 2015 මෙරට මතින් තොර රටක් බිහි කරන බවට ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ දෙය එසේම ක්‍රියාත්මක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා."