මොහෙමඞ් අෂ්රෆුල් ලංකාවට තර්ජනයක් වෙයි

මුෂ්ෆිකර් රහිම් හා මොහොමඩ් අෂ්රෆුල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොබියව දිගට හරහට පහ‍රදෙමින් අද (10) දිනට තරගය නතර කරන විට බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 438 දක්වා ඉහළ දැමීමට සමත් විය. මොහෙමඞ් අෂ්රාෆුල් (නොදැවී 189) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 152) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 261 ක නොබිඳුණු සම්බන්ධතාව ගොඩනැගීම නිසා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ  බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 438 ක් ලබා ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමට සමත්ව විය.

ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 (දිමුත් කරුණාරත්න 41, තිලකරත්න ඩිල්ෂාන් 54, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 155, ඇන්ජලෝ මැතිව්ස් 27, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, සොහග් ගාෂි 164/3)බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 136 කදී කඩුලූ 4 ට 438 (ජහුරුල් ස්ලාම් 20, මොහෙම්ඞ් අෂ්රාෆුල් නොදැවී 189, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 152)

ලකුණු පුවරුව



Gossip Lanka Hot News Previous News Archive