හලාල් ඉවත් කරන බව පැවසීම මුළුමනින් ජනතාව සහ ස්වාමීන් වහන්සේලා නොමග යෑවීමක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හෙතෙම එසේ පැවසුවේ ඊයේ (12 වැනිදා) ජාතික හෙළ උරුම කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.හලාල් ලාංඡනය නිෂ්පාදිත භාණ්ඩවලින් ඉවත් කිරීමෙන් උලමා සංවිධානය ඉතා සූක්ෂම ලෙස සිදු කරන්නේ උත්සව සමයේදී භාණ්ඩ අලෙවි කර ගැනීම මිස භාණ්ඩ හලාල් කිරීම නවතා දැමීම නොවන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.හලාල් ලාංඡනය යෙදීම හලාල් ක්රියාදාමයේ අවසාන අදියර පමණක් බවත් ලාංඡනය ඉවත් කිරීමෙන් හලාල් ක්රියාදාමය නොනවතින බවත් ඇමැතිවරයා කීවේය.
භාණ්ඩ නිෂ්පාදනයේදී, ඇසුරුම්වලදී, ප්රවාහනයේදී හලාල් ප්රමිති රාමුව උලමා සංවිධානය විසින් නිෂ්පාදන ආයතනවල ක්රියාත්මක කිරීම හලාල් ලාංඡනය ඉවත් කිරීමට සමගාමීව නවතා දමන බවට තහවුරු කර නැති බැවින් තවදුරටත් හලාල් භාණ්ඩ වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.