විසඳුමක් නොලැබුණොත් හෙට දහවල්ට සියදිවි නසා ගන්නවා !


UPDATES 21 MAR - 1.45 pm
මාර ගසේ සටන දිනා
සිසු පියා බිමට බසී

කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමික අංශය එම ස්ථානයෙන් ඉවත් කිරීම තාවකාලිකව වසරකට අත්හිටුවන්නට බස්නාහිර පලාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පොරොන්දු වීම නිසා මාර ගස උඩ දිවිනසාගන්නට සූදනම්වූ සිසු පියා ඉන්ද්‍රජිත් මහතා ගසෙන් බිමට බැස්සා.
අද දහවල් 12 ට පමණ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ධර්මපාල විදුහල අසලට පැමිණ එහි රැස් වී සිටි දෙමව්පියන්ට පැවසුවේ ප්‍රාථමිකය මාරු කිරීම වසරකට අත්හිටුවා සාකච්ඡා කිරීම සුදුසු බවයි. ඒ අදහසට දෙමව්පියන් එකගවූ පසුගස උඩ නැග සිටින කැඳවුම්කරු ඉන්ද්‍රජිත් පෙරේරා මහතාද ඊට එකගවී, දෙමව්පියන්ගෙන් ලිපියක් සකස් කරවා මහ ඇමැතිවරයා හමුවට ගොස් තිඛෙන අතර එම ලිපියට අත්සන් තැබීමට මුලදී මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අසතුට පළ කළත් පසුව එකග වූ බව වාර්තා වුණා.
UPDATES 21 MAR - 11'55 am
මාර ගසේ සිසුපියාගේ ප්‍රශ්නෙට
දිනේෂ් ඇමති පුතු මැදිහත්වෙයි


ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ පුත් යදාමිනි මහතා උදේ 10.30 ට පමණ කොට්ටාව ධර්මපාල විදුහල ඉදිරිපිටට පැමිණ මාරගස උඩට නැග සියදිවි නසා ගන්නා බවට ප්‍රතිඥා දී සිටින ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සමග ජංගම දුරකථන ඔස්සේ අදහස් හුවමාරු කර ගෙන තිඛෙනවා.
ඇමැති දිනේෂ් කොට්ටාව ධර්මපාල විදුහල අයත් මහරගම ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ

සභාපතිවරයා වන නිසා මෙම ප්‍රශ්නයට මැදිහත් වී සිටී.
ඔහුගේ උපදෙස් පරිදි යදාමිනි ඉන්ද්‍රජිත් මහතාව සන්සුන් කරන බවත් මේ වනවිට ඇමති දිනේෂ් ගුණවර්ධන සහ ඇමති බන්දුල ගුණවර්ධන එකතුව මේ ගැන සාකච්ඡාකර එම තීරණය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිඛෙන බවත් යදාමිනි ගුණවර්ධන මහතා පවසා තිඛෙනවා.
කැබිනට් මණ්ඩලයේ තීරණය රැගෙන එනතුරු ඉන්ද්‍රජිත් පෙරේරා මහතාට සන්සුන්වන්නැයි ඔහු දන්වා ඇත.

------------------------------------------------------------------------------------------------------------------------
පෙර වාර්තාව

මාර ගහට නැග දවල් 1.30 ට ගෙළ වැළලාගන්නට හදන
ධර්මපාලෙ සිසු පියා

“කොට්ටාව ධර්මපාල විදුහලින් එහි තිබෙන ප්‍රාථමිකය ඉවත් කිරීමේ වැඩ පිළිවෙල අත්හිටවූ බව නිවේදනය නොකළ හොත් හෙට දහවල් එකහමාරට දිවි නසා ගන්නා බව කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමික අංශය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වන ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පවසයි.

අද (20) මධ්‍යහ්නය වෙද්දීත් ඉන්ද්‍රජිත් මහතා පසු වූයේ කොට්ටාව ප්‍රධාන මාර්ගයේ ධර්මපාල විදුහලට නුදුරින් පිහිටා තිබූ විශාල ‘පාරේමාර’ ගසක දෙබලකය. එම ගසේ අත්තක ගැට ගැසූ කඹයක තොණ්ඩුවක් සාදා තිබුණි. ටී ෂර්ටයකින්, දිගු කලිසමකින් සැරසී සපත්තු ජෝඩුවක්ද දමා‍ ගෙන ගසට නැග සිටි ඉන්ද්‍රජිත් මහතා සිය සිරුර හා ගසේ කඳ එකට තබා තවත් පටියකින් තදට ගසා ගෙන සිටියේය. ජංගම දුරකථනයක් ගෙළේ එල්ලා ගෙන සිටි ඔහු වෙත අළුත් බැටරියක් සහ වතුර බෝතලයක්ද ඔහුගේ ආධාරකරුවන් විසින් සපයනු දකින්නට ලැබිණි.

“ මෙම ප්‍රශ්නය විසඳා දී ප්‍රාථමිකය, ධර්මපාල විදුහලේම තබන්න බන්ධුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් එකඟ වුණා. නමුත් බස්නාහිර පළාතේ දේශපාලනය මෙම ප්‍රාථමිකය ඉවත් කර එය කොට්ටාව, පැළැන්වත්තේ වාසුමතිය විදුහලට ගෙන යන්න සූදානම්. වාසුමතියේ ප්‍රාථමිකය දියුණු කර ගත්තාට කමක් නැහැ. නමුත් කොට්ටාව
මාර ගසේ සටන දිනා
සිසු පියා බිමට බසී

කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමික අංශය එම ස්ථානයෙන් ඉවත් කිරීම තාවකාලිකව වසරකට අත්හිටුවන්නට බස්නාහිර පලාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පොරොන්දු වීම නිසා මාර ගස උඩ දිවිනසාගන්නට සූදනම්වූ සිසු පියා ඉන්ද්‍රජිත් මහතා ගසෙන් බිමට බැස්සා.
අද දහවල් 12 ට පමණ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ධර්මපාල විදුහල අසලට පැමිණ
එහි රැස් වී සිටි දෙමව්පියන්ට පැවසුවේ ප්‍රාථමිකය මාරු කිරීම වසරකට අත්හිටුවා සාකච්ඡා කිරීම සුදුසු බවයි. ඒ අදහසට දෙමව්පියන් එක`ගවූ පසු
ගස උඩ නැග සිටින කැඳවුම්කරු ඉන්ද්‍රජිත් පෙරේරා මහතාද ඊට එක`ගවී, දෙමව්පියන්ගෙන් ලිපියක් සකස් කරවා මහ ඇමැතිවරයා හමුවට ගොස් තිඛෙන අතර එම ලිපියට අත්සන් තැබීමට මුලදී මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අසතුට පළ කළත් පසුව එක`ග වූ බව වාර්තා වුණා.
ධර්මපාලයේ ප්‍රාථමිකය වාසුමතියට ගෙන යන්න මම ඉඩ දෙන්නේ නැහැ.” ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Gossip Lanka Hot News Previous News Archive