මිත්‍යාවන් ප්‍රචාරය කිරීම මගින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කල නොහැක බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි එම සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් පුරා අවුරුදු 30 ක පමණ පැවති යුද්ධය නිමාකිරීමත් සමගම අවතැන්වූවන් සදහා පවත්වාගෙන යනු ලැබූ සුභසාධක කදවුරුවලදී දමිළ තරුණ තරුණියන් ලිංගික අපයෝජනයන් වලට පත්කරනු ලැබූ බව පවසමින් ද්‍රවිඩ ඩයස්පෝරාව හා නොයෙක් සංවිධානයන් විසින් අප රටට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගොඩනගමින් සිටිති. බොහෝවිට හදුනාගත නොහැකි විවිධ පුද්ගලයින්ගේ කටහඩවල් භාවිතා කරමින් නිපදවනු ලැබූ ව්‍යාජ සිඩීතැටි ඉහත කරුනු ඔප්පු කිරීම සදහා ඔවුන් විසින් විවිධ වෙබි අඩවි මගින් විකාශනය කිරීම මගින් ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය පලුදු කිරීම සදහා මොවුන් විසින් කටයුතු කරමින් සිටිති.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් පුරා අවුරුදු 30 ක පමණ පැවති යුද්ධය නිමාකිරීමත් සමගම අවතැන්වූවන් සදහා පවත්වාගෙන යනු ලැබූ සුභසාධක කදවුරුවලදී දමිළ තරුණ තරුණියන් ලිංගික අපයෝජනයන් වලට පත්කරනු ලැබූ බව පවසමින් ද්‍රවිඩ ඩයස්පෝරාව හා නොයෙක් සංවිධානයන් විසින් අප රටට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගොඩනගමින් සිටිති. බොහෝවිට හදුනාගත නොහැකි විවිධ පුද්ගලයින්ගේ කටහඩවල් භාවිතා කරමින් නිපදවනු ලැබූ ව්‍යාජ සිඩීතැටි ඉහත කරුනු ඔප්පු කිරීම සදහා ඔවුන් විසින් විවිධ වෙබි අඩවි මගින් විකාශනය කිරීම මගින් ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය පලුදු කිරීම සදහා මොවුන් විසින් කටයුතු කරමින් සිටිති.
2009 වසරේ මැයි මස 18 දින එල් ටී ටි ඊ ය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව හා ඊට පෙර සිටම ත්‍රස්ත ග්‍රහණයේ නොයෙක් තාඩන පීඩනයන්ට ලක්ව නිරාහාරයේ සිටි මෙම අහිංසක ද්‍රවිඩ ජනතාව බේරාගෙන ඔවුනට අවශ්‍ය ආහාරපාන, බෙහෙත් හා සියලුම වෛද්‍ය පහසුකම් සපයන ලද්දේද එසේම සුබසාධක කදවුරු ආරම්භ කර ඔවුන් රැක බලාගත්තේද අප ආරක්ෂක හමුදාව බව නොරහසකි. එහිදී අප හමුදාව වසින් කරන ලද සෑම ඇප උපකාරයක්ම පූර්ණ විනිවිද භාවයකින් යුතුව කිරීමට ඔවුන් වගබලා ගත්හ.
එසේම ඒ වන විට ශ්‍රී ලංකා රජය විසින් රතු කුරුස සංවිධානය ඇතුලු ලෝකයේ ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්ට මෙම තත්වය සියැසින් දැක බලා ගැනීම සදහා ආරාධනය කර තිබූ අතර ඒ සදහා අවශ්‍ය පහසුකම්ද සලසනු ලැබීය.ඒ අනුව එදා මෙහි පැමිණි මෙම සංවිධානයන් හා පුද්ගලයින් විසින් මෙහි සත්‍ය තත්වය සියැසින් දැක අප රජය හා ආරක්ෂක හමුදාවන් විසින් ගෙන ගිය එම වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රසංශාත්මක මුඛයෙන් කතා කල අතර වර්ථමානයේ එල් ටි ටී ඊ හිතැති විවිධ සංවිධාන හා පුද්ගලයින් විසින් කරන ලද අභූත චෝදනා පිළිබඳ කිසිදු සාක්ෂයක් සොයා ගැනිමට ඔවුනට එදා නොහැකි විය.
මේ අනුව බලන විට මෙහිදී පැන නගින ප්‍රශ්ණ කීපයක් ඇත.
1.ඔවුනට එදා එකී අවතැන් කදවුරුවලදී යම් අසාධාරනයක් හෝ ලිංගික හිංසනයක් සිදුවුයේ නම් එම වකවානුවේදී එම කදවුරු පරීක්ෂා කර බැලිම සදහා පැමිණි විදේශීය නියෝජිත කන්ඩායම්වලට ඒ පිළිබදව නොපැවසූයේ ඇයි ?
2.පසුගිය වසරේ මෙන්ම මේවසරේද ජිනීවා සමුලුව ආරම්භවන කාලසිමාවේදීම එල් ටී ටී ඊ යට හිතැති නොයෙක් පුද්ගලයින් හා සංවිධාන හමුවේ පමණක් මෙවැනි ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරනුයේ ඇයි ?
3.රජය විසින් පුදේශයේ බිම්බෝම්බ ඉවත් කර එම ප්‍රදේශවල සියලුම පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර නීතිය හා සාමය ස්ථාපනය කර නිදහසේ ජිවත්වීම සදහා අවස්ථාව සලසා තිබියදිත් මෙම පැමිනිලි කිරීම සදහා මෙතරම් ප්‍රමාද වූයේ ඇයි ? ද යන්නය.
මේ පිළිබඳව ඔවුනට කිසිදු පැහැදිලි පිළිතුරක් නොමැත. එසේනම් මේ තුලින් පැහැදිලිවම ගම්‍ය වනුනේ එක්කෝ මොවුන් එල් ටි ටි ඊ ඩයස්පෝරාවේ මුදල්වලට මුලාවි අප රට යුද්දය නිමවි ගතවු අවුරුදු 3.1/2 කාලය පුරා කරන ලද සංවර්ධන ක්‍රියාදාමයන් ඇසුරින් ලබා ගන්නා ලද කීර්ති නාමය විනාශ කිරීම හෝ තවමත් ලොව පුරා ක්‍රියාත්මක වන එල් ටී ටී ඊ හිතැති සංවිධානයන් සමග එක්වි අන්තර් ජාතික ප්‍රජාව හමුවේ අප මාතෘ භුමිය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කිරීමය. නොඑසේනම් හදුනාගත නොහැකිවන සේ ඡායාවන් (අදුරු සෙවනැලි) පමණක් භාවිතා කරමින් මෙකී පුද්ගලයින් විසින් කරනු ලබන මෙවැනි ව්‍යාජ ප්‍රකාශ වල තේරුම කුමක්ද යන්න මේ පිළිබඳව සත්‍ය දන්නා කිසිම කෙනෙකුට තේරුම් ගත නොහැක.
එනිසා විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී මෙවැනි විවිධ පුද්ගලයින් උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් විසින් අප රටට එරෙහිව නිපදවනු ලබන මෙවැනි ව්‍යාජ සීඩි තැටි මගින් නැවත අප මාතෘ භූමියට සිදුවන හානිය පිළිබඳව සිතා බලා නිවැරදි සත්‍ය ලොවට ප්‍රකාශ කිරීම අප හැමගේම යුතුකමක් හා ප්ර්රධාන වගකිමක් ලෙස සැලකිය යුතුය. පුරා දශක තුනක කාලයක් මුලුල්ලේ එල් ටී ටි ඊ සංවිධානය විසින් යුදමය වශයෙන් රටේ සෛවරිභාවය හා නිදහස නැතිකර දිනා ගැනිමට උත්සාහ කරන ලද ජයග්‍රහණය ව්‍යාජ පුද්ගලයින් හා ව්‍යාජ සීඩි තැටි භාවිතා කරමින් ලෝක ප්‍රජාව නොමග යවා දිනා ගැනීමට නොහැකි බව මෙවැනි පිරිස් වලට අවබෝධ කරදිම අප කාගේත් යුතුකමකි.