ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගිවිසුමට ක්‍රීඩකයින් අද අත්සන් කළේය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ විදේශගතව සිටින මහේල ජයවර්ධන හැර අනිකුත් සියලු ක්‍රීඩකයින් ගිවිසුමට අත්සන් කළ බවය.අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි සදහා ගෙවන ගාස්තු නැවත ලබාදෙන ලෙස ක්‍රීඩකයින් කළ ඉල්ලීම ඉටු නොකිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා ඊයේ කියා සිටියේය.
මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින්ට ලබාදුන් කාලය ඉකුත් සෙනසුරාදා අවසන් විය.එහෙත් ඊයේ වනතෙක් කිසිවකු එම ගිවිසුමට අත්සන් නොකළේය.ඒ අනුව පැවැති අර්බුදය විසඳා ගැනීම සදහා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ කැඳවීමෙන් ඊයේ රාත්‍රීයේ ක්‍රීඩකයින් සමග සාකච්ඡාවක් පැවැත්වුණේ ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදීය.
එම සාකච්ඡාව ඊයේ පැය 3කට ආසන්න කාලයක් පැවැත්විය.මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ඊයේ පැවති සාකච්ඡාවට තම ආයතනය කිසිදු ආකාරයකින් මැදිහත් නොවූ බවය.අද දිනයේ ගිවිසුම් අත්සන් කිරිම සදහා කිසිදු ක්‍රීඩකයෙකුට නිල ආරාධනාවක් නොකළ බව ද ඔහු කියා සිටියේ.-සබැදි පුවත්-