බොදු බල සේනා සංවිධානයේ 'බෞද්ධ නායකත්ව විද්‍යා පිඨය (Buddhist Leadership Academy) නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (09) පෙරවරු 10.00 ට යෙදුන සුබ මොහොතින් විවෘතවිය.
මෙම විද්‍යා පිඨය ස්ථාපිත කල ගාල්ල, රංචාවල, පිලාන පිහිටි 'මෙත් සෙවන' දැකුම්කලු ගොඩනැගිලි සංකීර්ණය ජර්මන් ජාතික මයිකල් කර්ස්ටිවෙයාර් නැමැත්තා විසින් ඉදි කර, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට පුජා කර තිබිණ.එසේ පරිත්‍යාග කල 'මෙත් සෙවණ' අධ්‍යපන, සංස්කෘතික මධ්‍යස්ථානය' මෙසේ 'බෞද්ධ නායකත්ව විද්‍යා පිඨය' ලෙස පරිවර්ථනය කර ඇත.සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙත්, බෞද්ධ නායකයින්ගෙත් හා ක්‍රියාකාරී තරුණ තරුණියන්ගේත් නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙම ආයතනය ස්ථාපිත කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් බෞද්ධ ඇකඩමිය පවත්වා ගෙන යාමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී එය විශ්ව විද්‍යාලයක් ලෙස ස්ථාපිත කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මෙම 'බෞද්ධ නායකත්ව විද්‍යා පිඨය' විවෘත කිරීම නිමිත්තේ පැවති උත්සවය ඇමතු ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙම උත්සවයට සහභාගී නොවන ලෙස බොහෝ දෙනෙකු පැවසු බවත්, එහෙත් මෙහි ඇති කාලින වැදගත්කම සලකා තමා අද මිට සහභාගී වූ බවත් සඳහන් කළේය. ජාතික වශයෙන් අගනා කාර්ය බාරයක් සිදුකරන මෙම බෞද්ධ හිමිවරුන් සම්බන්ධයෙන් කිසිවකු හෝ බියක්, සැකයක් ඇති කර නොගත යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.