හලාල් සහතිකය නොව මුළු හලාල් ක්‍රියාවලිය නවතා දමන තුරු සටන අත් නොහරින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. සර්ව ආගමික පූට්ටුවලට ගැතිකම් කරන කොඳුඇට බිඳුණු භික්ෂුන් කිහිප දෙනකු උලමාවරුන් සමඟ එකතු වී නායක හාමුදුරුවරුන්ව මුළා කරමින් හලාල් ඉවත් කිරීමේ ප්‍රෝඩාවට සම්බන්ධ කරගත් බව වගකීමෙන් පවසන අතරම උලමාවරුන්ට සහාය දෙන භික්ෂුන්ව පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඒ හිමියෝ පැවැසූහ.
ඥානසාර හිමියන් එසේ පැවැසුවේ තුන්මුල්ල බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. උලමාවරුන් තක්කඩිකමින්, ජාතියම මුළා කරමින් සිටින බවත්, හලාල් ලාංඡනය ඉවත්කර ඇතැයි පැවැසුවත් එසේ සිදුවී නොමැති බවත්, එය උලමාවරුන්ගේ, මහත්වරු ලෙස ජාතියම කොල්ලකෑමේ තවත් එක් බොරුවක් පමණක් බවත් ඒ හිමියෝ පැවැසූහ.ආණ්ඩුවේ අනු කමිටු වාර්තාව හා ත්‍රෙනිකායික මහා නායකවරුන්ගේ වාර්තා ලැබීමට ප්‍රථමයෙන් ඔවුන් හලාල් ඉවත් කර ගැනීමට කටයුතු කෙළේ උත්සව සමයේ ඔවුන්ගේ වෙළෙදාම සාර්ථකව කර ගැනීමට බවද ඒ හිමියෝ පැවැසූහ.
උලමා නාටකයේ අලුත්ම ජවනිකාව එළි දක්වමින් තිබෙන බවත් ජාතකයක් නොමැති අවජාතකයෙක් බිහි කරලා, දැන් නාඩගමක් නැටීමට උලමාවරුන් සූදානම් වන බවත් පැවැසූ ඒ හිමියෝ උලමා නමැති හොරු රැළ, තක්කඩි රැළ මෙරට සංඝ භේදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් මෙරට අධිකරණයටත් පාර්ලිමේන්තුවටත් බොරු කරමින් කටයුතු කරන බවත් පෙන්වා දුන්හ.
කුරානයේ කිසිදු තැනක හලාල් විකිණීමට කියා නොමැති බවත් එසේ කරන්නන්ගේ බඩ ගිනි ගන්නා බවට ඉතා පැහැදිලිව කුරානයේ සඳහන්ව ඇති බව පැවැසූ ඒ හිමියෝ උලමාවරුන්ගේ බඩ ගිනි ගෙන දැන් දඟලන බවද පැවැසූහ.
උලමාවරු ශුද්ධ වූ කුරානයටත් අපහාස කරමින් කටයුතු කරන බවත් සම්පූර්ණයෙන්ම මේ හලාල් ක්‍රියාවලිය මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවැසූ ඒ හිමියෝ මෙසේද කීය. 2008 පස්සේ රජය විසින්ද හලාල් සහතිකය අවලංගු කර තිබුණා. අවුරුදු 5ක් පුරාවට නීති විරෝධී ලෙස මේ හලාල් සහතිකය රටට නිකුත් කිරීමට විද්වතුන් යැයි කියා ගන්නා හොර රැළ කටයුතු කර තිබෙනවා.
සිංහලයන් යනු මෝඩයන් නොවන බවද, පෙර කළ මෝඩකම් නැවැත සිංහලයන් නොකරන බවත් ඒ ගොනා දැන් විකුණා ඇති බවත් සිංහලයන් ගොනාට ඇන්දවීමට උත්සාහ දරන අයියලාට වැරැදී ඇති බව ඒ හිමියෝ පැවැසූහ.
මෙරට බුද්ධ පූජාවක් තැබීමටවත් අද වනවිට හලාල් නොවන භාණ්ඩයක් නොමැති බවත් වෙළෙඳ භාණ්ඩ 4,500ක් අද හලාල් ලාංඡනය ලබාගෙන ඇති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
උලමාවරු කාන්තාවන්ට ෆර්දාවක් දැමීමට කටයුතු කිරීම ගැන ඊළඟට කටයුතු කරන බවත් එයින් සමාජයීය වශයෙන් ගැටලු රැසක් උද්ගතවිය හැකි බවත් ඒ හිමියෝ පැවැසූහ.
මෙරට ඖෂධ හලාල් කර නොමැති බවත්, රුධිරය හලාල් කර නොමැති බවත්, ඒවා හරාම් නොවේනම් අනෙකුත් ද්‍රව්‍යයන්ද හරාම් නොවන බවත්, උලමාවරු මුස්ලිම් අන්තවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් පැවැසූහ.
හලාල් යනු තනිකරම බොරුවක් බවත්, මෙය නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය යැයි පවසන කොල්ල කණ්ඩායම වහා විසුරුවා හැරීමට උලමාවරු කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ නායක ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.