පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව ලංකාවේ පැවැත්වීම ස්ථීරයි

මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය ශ්‍රි ලංකාව දරන බව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය යළිත් නිවේදනය කර තිබේ.එම කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මාර්තු මස 11 වනදා පළ කළ නිවේදනයක දැක්වෙන්නේ, මේ වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා කලින් සැලසුම් කළ පරිදි සමුළුව මෙරටදී පැවැත්වෙන බවය.

සෑම පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවක් ම පැවැත්වෙන රට පිළිබඳව ගනු ලබනුයේ, සාමූහික තීරණයක් බව ද අදාළ නිවේදනයේ සඳහන්වේ.පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසට 2007 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.ඒ අනුව, 2009 වසරේදී පැවති රැස්වීමකදී 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය සාමූහික තීරණයක් මත ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණය කළ බව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive