තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (08 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාලනය මුලුමනින්ම සියතට ගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 361 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා පළමු ඉනිමේ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට සමත්ව සිටියහ.
බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ආබාධයකට ලක්වූ කුමාර් සංගක්කාර අදාළ ආබාධය සුව වීමෙන් පසු ක්‍රීඩා කරන පළමු තරගය වූ මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජීවය දෙමින් ශතකයක් රැස් කර ගැනීමට සමත්වූවේය. මිනිත්තු 239 ක් පුරා විහිදුණු කුමාර් සංගක්කාරගේ ලකුණු 142 ක ඉනිම සඳහා හෙතෙම පන්දු 226 කට මුහුණ දී තිබිණි. හයේ පහර 3 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත්ව සංගක්කාර විසින් රැකස් කරන ලද මෙම ශතකය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 31 වැනි ශතකය වශයෙන්ද වාර්තා විය.
ඔස්ටේ්රලියාවේදී ආබාධයට ලක්වීමෙන් පසු මෙම තරගයට පෙර මාතරදී පැවැති තුන්දින පුහුණු තරගයට සංගක්කාරගේ නම ඇතුළත් වුවද කොන්ත්‍රාත් අත්සන් කිරීම මත ඇතිවුණු අර්බුදය මත එම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සංගක්කාරට තහනම් විය. එවන් තත්ත්වයක් මත ධෛර්යවන්ත වෙමින් සංගක්කාර විසින් මෙම ලකුණු සංඛ්‍යාව රැස් කිරීම ඉතා අගනා අවස්ථාවක් විය.
අදාළ ශතකය සංගක්කාරගේ පිත්තෙන් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කර සිටින පිතිකරුවා වන මහේල ජයවර්ධන (31) සමගින් සමතැන් ගැනීම මෙහිදී කැපී පෙනිණි. ඒ අනුව ලොව මෙතෙක් ලොව වැඩිම ටෙස්ට් ශතකය සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර මහේල සහ සංගක්කාර 08 වැනි ස්ථානයේ සම තැන් ගෙන සිටියි. ඊයේ දිනයේදී සිදුවූ තවත් සුවිශේෂී සිදුවීම වූයේ බංග්ලාදේශ පිලට එරෙහිව ලොව ලකුණු 1000 සීමාව පසු කර ගිය පළමු පිතිකරුවා බවට පත් වීමට සංගක්කාර හැකි වීමයි. තරග 12 ක් තුළදී බංග්ලාදේශ පිලට එරෙහිව මේ වන විට සංගක්කාර රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1018 ක් වශයෙන් සටහන් වේ. හිටපු නායක මහේල ජයවර්ධන තරග 11 කදී ලකුණු 860 ක් රැස් කරමින් එහි දෙවැනි තැන හිමිකරගෙන සිටියි.
ලකුණු පුවරුව