අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළහොත් ඒ පිළිබඳ අධිකරණයේ පිහිට පැතීමටත් දීප ව්‍යාප්තව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටත් කටයුතු කරන බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
බන්දුල චන්ද්‍රසේකර මහතා ඊයේ (21) පස්වරුවේ කොළඹපැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කියා සිටියේ මෙරට සිටින කර්මාන්තකරුවන්ගෙන් සියයට 91ක්ම සුළු පරිමාණ කර්මාන්තකරුවන් බවයි. ඔවුන්ගේ විදුලි ගාස්තුව සියයට 20කින් පමණ වැඩිවීම කිස්සේත් අනුමත කළ නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.එමෙන්ම වඩාත්ම දරුණු තත්වය උදාවී ඇති ගෘහස්ත පාරිභෝගිකයා විදුලි බිලේ වැඩිවීමේ සාමාන්‍ය අගය 27% ක් වුවද නිවාස වල සාමාන්‍ය විදුලි බිලේ ඉහළයාම 68% ක් බවත් ඔහු අවධාරණය කළේය.
රුපියල අවප්‍රමාණය කිරීමෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බව ද මෙහිදී ප්‍රකාශ විය. ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයන් මත පැටවීමට බලධාරීන් කටයුතු කර ඇති බවද බන්දුල චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.එම මාධ්‍ය හමුවකදී එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් මෙසේ කරුණු දැක්විය.
ලංකා විදුලිබල මණ්ඩලයට විසින් අප්‍රේල් මස සිට විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා වූ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. මෙම ලංවිම යෝජනාව මඟින් සමස්තයක් ලෙස 27% කින් විදුලි ගාස්තු ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කර ඇත.
විදුලි ගාස්තු ඉහළ නැංවීමට ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව පෙනී යන්නේ සියළු පාරිභෝගිකයන්ගේම එකම ආකාරයෙන් විදුලි ගාස්තු වැඩි කර නොමැති බවයි. ඇතැම් අයගේ විදුලි බිල ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ නංවා ඇති අතර තවත් පිරිසකගේ විදුලි බිල අඩු කර ඇත.
කර්මාන්ත වල විදුලි බිල 20% කින් වැඩිකරන විට වාණිජ ක්ෂෙත්රයේ විදුලි බිල වැඩි කර ඇත්තේ 10% කිනි. කර්මාන්ත වල විදුලි බිල 20% කින් ඉහළ නැංවීම කර්මාන්ත වලට එල්ල කරනු ලැබූ මරු පහරකි.
කර්මාන්ත වලිනුත් වැඩිම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට වන අතර ඔවුන් භාවිතා කරනුයේ කර්මාන්ත සඳහා භාවිතා කරන මුළු විදුලියෙන් 9%ක් පමණකි.
එම කර්මාන්ත අයත්වන්නේ අයිපී-1 කාණ්ඩයට වන අතර එම කාණ්ඩයේ විදුලි බිල 20%කින් වැඩිවී ඇත.
එහෙත් කර්මාන්ත විදුලියෙන් 91%ක් භාවිත කරන විශාල කර්මාන්තකරුවන්ගේ විදුලි බල වැඩිවී ඇත්තේ 9% කින් පමණි. මේ නිසා රටේ ප්‍රධානමතම බලවේගයක් වන සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඉදිරියේ දී විශාල කර්මාන්ත සමඟ තරඟ කිරීමට නොහැකිව වැසීයන තත්වයක් උද්ගතවනු ඇත.
මෙය සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත නංවාලීමේ රජයේ ප්‍රතිපත්තියට ඉඳුරාම පටහැනිය.
වාණිජ ක්ෂෙත්රයේ ද යෝජනාවී ඇත්තේ මෙවැනිම වූ විදුලි ගාස්තු වැඩිකිරීමකි.
ලංකාවේ මුළු ව්‍යාපාර වලින් 99%ක් ම අයත්වන්නේ සුළු ව්‍යාපාර ගණයටයි. එම ව්‍යාපාර වල විදුලි ගාස්තුව 9% කින් ඉහළ නංවා ඇති අතර විදුලිය විශාල වශයෙන් නාස්ති කරන අති දැවැන්ත ව්‍යාපාර වල විදුලි ගාස්තුව ඉහළ නංවා ඇත්තේ 5% කින් පමණි.
පුංචි සිල්ලර කඩයේ විදුලි බිල 8-9%කින් ඉහළ යනවිට සුපර් මාර්කට් වල විදුලි බිල ඉහළ යන්නේ 5% කින් පමණි. සුළු ව්‍යාපාරිකයාට දැවැන්ත සමාගම් සමඟ තරඟ කිරීමට නොහැකි තත්වයක් උදාකර දුප්පත් ජනතාව අතර රජය අප්‍රසාදයට පත්කිරීම මෙම යෝජනාව ඉදිරිපත් කළ නිලධාරීන්ගේ අරමුණ වූවා නිසැකය.
වඩාත්ම දරුණු තත්වය උදාවී ඇත්තේ ගෘහස්ත පාරිභෝගිකයාටය. විදුලි බිලේ වැඩිවීමේ සාමාන්‍ය අගය27% ක් වුවද නිවාස වල සාමාන්‍ය විදුලි බිලේ ඉහළයාම 68% කි.
තවද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ දුප්පතාගේ විදුලි බිල 100% කින් වැඩිකර විදුලිය නාස්ති කරන සල්ලිකාරයන්ගේ විදුලි බිල අඩු කරලීමටයි.
එය පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.
රටේ ජනගහනයෙන් 75 % ක්ම භාවිතා කරන්නේ මාසයකට විදුලි ඒකක 90කට අඩු ප්‍රමාණයක් වන අතර ලංවිම නිලධාරීන්ගේ යෝජනාව වන්නේ එම දුප්පත් අයගේ විදුලි බිල 60-100 % ඉහළ නංවා, ඒකක විශාල වශයෙන් භාවිතා කරන පොහොසත් අයගේ විදුලි බිල අඩු කිරීමටයි.
මෙතෙක් කලක් රජය කළ සියළු විදුලි ගාස්තු සංශෝධන වලදී හැකි උපරිම පමණින් ඒකක 120ට අඩුවෙන් විදුලිය භාවිතා කරන පාරිභෝගිකයන් ආරක්ෂා කළේය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට නාස්තිකාර සල්ලිකාරයන්ගේ විදුලි බිල අඩු කර, දුප්පත් ජනතාවගේ විදුලි බිල දෙගුණ කිරීමට මෙවර නිලධාරීන් ඉදිරිපත් වී ඇත. මෙය ඉතාම අසාධාරණ වන අතර යම් විදියකින් මෙම ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කළ හොත් 80%ක ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පත්වී ජනතාව වර්තමාන රජය ගැන කළකිරීමට පත්වීම නොවැලැක්විය හැක්කකි.
තවද ගෘහස්ථ අංශයට ලංවිම ඉදිරිපත් කර ඇති නව ගාස්තු ක්‍රමය මීට පෙර 2008 දී අත්හදා බලා අසාර්ථක වූවකි. එමඟින් යම් විදුලි පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි පරිභෝජනය ඒකක 91ක් නම් ඔහුගේ 91වන ඒකකය සඳහා රු 1100 ක් ගෙවීමට සිදුවේ. එනම් ඒකක 90 සිට 91 දක්වා යන විට විදුලි බිල දෙගුණවේ. මෙය පාරිභෝගිකයාට දැරිය නොහැක.
එය 2008දී අසාර්ථක ක්‍රමයක් වූ බැවින් එම ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කළ අතර යළි සුපුරුදු ක්‍රමයට ගාස්තුව සකස් කරන ලෙස අගවිනිසුරු ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කරන ලදී. එම නිසා මේ වතාවේ නිලධාරීන් ඉදිරිපත් කර ඇති ගාස්තු ක්‍රමය නීති විරෝධී බව අපි අවධාරණය කරමු.
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව ද වැරදිය. 2013 වසරේ මුළු වියදම රුපියල් කෝටි 25,600ක් බව සඳහන් කර තිබුණ ද මහජන උපයෝගීතා කොමිසම දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ඉන් රු කෝටි 2,800 ක් ම අනවශ්‍ය වියදම් බවයි.
ඊට අනුව ලංවිමෙන් සොරකම් කර, විදුලිය සපයන පුද්ගලික ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට හොර පාරෙන් ඉන් රුපියල් කෝටි 1,500 ක් ලබාදීමට නිලධාරීන් කිහිපදෙනෙක් වෑයම් කර ඇත.
අපේ තක්සේරුවට අනුව තවත් රුපියල් කෝටි 1,500 පමණ නාස්තිය සහ දූෂණය සඳහා වෙන්කරගෙන ඇත.
ඒ පිළිබඳ සවිස්තරාත්මක ලේඛනයක් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දීමට අප ව්‍යාපාරය කටයුතු යොදා ඇත. එම නාස්තිය සඳහා වෙන්වූ මුදල් ද ඉවත් කළ පසු ඇත්ත වශයෙන්ම ලංවිම 2013 මුළු වියදම වන්නේ රුපියල් කෝටි21,100ක් පමණි.
දැනට පවතින ගාස්තු ක්‍රමය අනුව 2013 වසර සඳහා ලංවිමට ලැඛෙන මුළු ආදායම රු කෝටි 17,400ක් පමණ වේ. මේ අනුව විදුලිය සඳහා සැබෑ ගාස්තු වැඩිවීම වන්නේ රු කෝටි 3,600 ක් පමණි. ඉන් රු කෝටි 2,500ක් ම වැඩිවීමට හේතු වූ එකම කාරණාව වන්නේ අප්‍රේල් 1 වන දා සිට ඛනිජතෙල් සංස්ථාව විදුලිය නිපදවීමට ලබාදෙන තෙල් වල මිළ ලීටරයකට රු. 65/- සිට රු. 90/- දක්වා එනම් 38% කින් පමණ වැඩි කරන්නට යන නිසාය.
ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් වල මිළ පහත යද්දී සහ ඉන්දියාවේ තෙල් වල මිළ ගණන් පහළ යද්දී ලංකාවේ පමණක් විදුලිය සඳහා සපයන තෙල් වල මිළ ඉහළ යන්නේ ඇයි? ඊට ප්‍රධානම හේතුව වන්නේ රුපියල බාල්දුවීමයි. 2012 වසරේ දී රුපියල 18% කින් බාල්දු වීම නිසා මෙම තත්වය උද්ගතවී ඇත.
මෙම තත්වයට වගකිව යුත්තේ දුප්පත් විදුලි පාරිභෝගිකයා නොව වැරදි ආර්ථීක තීරණ ගත් නිලධාරීන්ය. එම නිසා අප රජයෙන් ඉල්ලා සිටින්නේ එම බර දුප්පත් ජනතාවට නොදා ඊට සරිලන සහනාධාරයක් ලබාදෙන ලෙසයි.
එවිට ලංකා විදුලි බල මණ්ඩලයට අමතරව අවශ්‍ය වන්නේ රු කෝටි 1,000 ක් එනම් 6% ක ගාස්තු වැඩිවීමක් පමණි. මෙම අතිරේක මුදල වැය කිරීමට සිදුවී ඇත්තේ ද රටේ ජනගහනයෙන් 3%ක් පමණවූ සුළු පිරිසකගේ නාස්තිකාර අවශ්‍යතාවයන් වෙනුවෙන් වියදම් අධික බලාගාර වලින් විදුලිය නිපදවීමට සිදුවන නිසාය.
එම නිසා මෙම මුදල පියවීමට ලංවිම කළ යුතු වන්නේ ඒකක 120ට වැඩියෙන් මසකට වැය කරන පාරිභෝගිකයාගේ විදුලි බිල ඉහළ නැංවිම පමණි.
එබැවින් දුප්පතාගෙන් අයකර පොහොසතාට සහන දීම සඳහා විදුලි බල මණ්ඩලය ගෙන ආ දුප්පත් ජනතාවගේ විදුලි බිල 100% කින් ඉහළ නැංවීමේ යෝජනාව පසෙකලා, විදුලිය නාස්ති කිරීමට පෙළඹී සිටින පොහොසත් අයගේ විදුලි බිල පමණක් වැඩිකර මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට කටයුතු කරන මෙන් අපි රජයෙන් සහ මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටිමු.