ශ‍්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ අඛණ්ඩ විරෝධතා සම්බන්ධයෙන් රජය අඳ, ගොළු,
බිහිරි පිලිවෙතක් අනුගමනය කිරීමෙන් රටේ ගෞරවය සහ ජනතාවගේ අභිමානය හෑල්ලූවට
ලක්වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙයි.
තමිල්නාඩුවෙන් මෙරටට පැමිණෙන සියලූ දෙනා සඳහා සංචාරක තහනමක් පනවන්නැයි ජාතික හෙල උරුමය රජයෙන් ඉල්ලා සිටි. එහි නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ තමිල්නාඩුවේ සිටින සියලූ ශ‍්‍රී ලාංකිකයින් ද වහාම දිවයිනට ගෙන්වා ගත යුතු බවයි. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ සිටින සියලූ තමිල්නාඩු වැසියන් පිටුවහල් කරන ලෙසට ද උන්වහන්සේ ඉල්ලීමක් කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoszsEowRy6XvYuZwXnKh_ydsOodDjSVXPiLazmVtET-6jjikqae4DtENo3o71Bx5cfZZ0WHfKskiQv2NKDDKeIkbdJGYLbMALCPbi9jeC9xsicyhUBwtocptj55DirtEoZrEMfXeCwZA/s320/New+Picture.bmp)
මේ අතර දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවේ සම්මත වු යෝජනාව මෙරට ඒකීය භාවය අභියෝගයට ලක්කිරීමක් බවද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරනවා. එම යෝජනාව සම්මත කිරීමට සහය දුන් සියලූ මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රී ලංකාවට පැමිණිමට ඉඩ නොදිය යුතු බව පෙන්වා දෙන උන්වහන්සේ තමිල්නාඩුව සමග ඇති සියලූ සබඳතා වහාම අත්හිටුවිය යුතු බවද අවධාරණය කරනවා.