Pages

කවරෙ ‘කාටූන්’ තැටියෙ ‘බ්ලූ ෆිල්ම්ස්’

කුඩා ළමයෙකුගේ උපන් දින සාදයකට ත්‍යාග වශයෙන් ලැබුණු ළමා කාටූන් චිත්‍රපට සී.ඩී තැටි අතර අසභ්‍ය රූපරාමු ඇති සී.ඩී. තැටියක් ද තිබූ පුවතක් රඹුක්කන ප්‍රදේශයෙන් වාර්ථාවේ.රඹුක්කන කුරුණෑගල මාර්ගයේ පිහිටි සී. ඩී. තැටි අලෙවි කෙරෙන වෙළඳ සලකින් මෙම තැටි මිලදීගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

තම දරුවා සතුටු කිරීමේ අරමුණින් චාම් ආකාරයට සූදානම් කළ මෙම උපන්දින සාද සඳහා ගමේ ලොකු කුඩා පිරිසකට ද ඇරයුම් ලැබිණි. ඒ සඳහා කවුරුත් එක්විය.කවුරුත් කා බී විනෝද වී නික්ම යෑමට මත්තෙන් තම යාළුවාට ත්‍යාග ලබා දීමේ අවස්ථාව උදාවිය. යාළුවන් ද අඩම්බරයෙන් යහළුවා අත ත්‍යාග තැබීය.පසුදින යහළුවන් ගෙනා සී.ඩී තැටි බැලීමට සූදානම් වූ දරුවා තැටි එකින් එක ගෙන බලද්දී එක් සී.ඩී තැටියක වෙනස් වූ රූප රාමු පෙළක් දිස්විය.දරුවාගේ පියා වහා ක්‍රියාත්මක වී රූපවාහිනී යන්ත්‍රය නවතා ත්‍යාග ලබාදුන් ළමයින් වෙත ගොස් සී.ඩී තැටි මිලට ගත් වෙළඳසල් ගැන අසා එම ස්ථාන වෙත ගොස් සිද්ධිය සැල කළේය.

අසභ්‍ය දර්ශන සහිත සී.ඩී තැටි අලෙවි කිරීම තහනම් බැවින් ව්‍යාජ ලෙස අලෙවි කිරීමේ අරමුණින් එම සී.ඩී තැටි කවර සඳහා කාටූන් ඡායාරූප එක් කරන බවත් අලෙවි කිරීමේ දී එම තැටි ළමා චිත්‍රපට ගොන්න මත තබා අලෙවි කරන බවත් වෙළෙඳසල් හිමියා පැවැසීය.කෝපයටපත් පියා පොලිසි යෑමට උත්සාහ කරද්දී ගමේ තරුණ පිරිස එක් වී ඔහු නැවැත්වීමට සමත් විය.