Pages

මරා දැමූ පසුත් කාන්තාව දූෂණය කරලා !

අනුරාධපුර දුම්රිය නිවාස පිටුපස මියගොස් සිටි 69 හැවිරිදි කාන්තාව තුන්දෙනකු විසින් දූෂණය කොට මරා දැමූ පසුද දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එසේ ඝාතනයට ලක්වී තිබුණේ රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ජේන් නෝනා නමැති කාන්තාවකි. පසුගිය 13දා අලුයම එම කාන්තා මළ සිරුර පොලිසිය විසින් සොයාගන්නා අවස්ථාවේ ඇගේ ඇඳිවත විසිරී තිබීම පොලිසියේ සැකයට තුඩු දී තිබිණි.එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.එම සැකකරුවන් තිදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.