Geoffrey Robertson |
ශ්රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වය අත්හිටුවන්නැයි බි‍්‍රතාන්‍යයේ නීතීඥ සංගමය යෝජනා කරනවා.එම සංගමය වෙනුවෙන් අන්තර්ජාතික නීතිවේදියෙකු වන රැජිණගේ නීතිඥ ජෙෆ්රි රොබට්සන් මහතා සකස් කළ වාර්තාවක දැක්වෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමද වළක්වාලිය යුතු බවයි.
එසේ නොකළහොත් බි‍්‍රතාන්‍යයේ එළිසබෙත් මහ රැජිණ ඊට සහභාගී නොවිය යුතු බවද යෝජනා කර තිබෙනවා.එම යෝජනාවන්ට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉකුත්දා කෙරුණු දෝෂාභියෝග යාන්ත‍්‍රණයයි.එකී යාන්ත‍්‍රණයේදී නීතියේ මූලධර්ම පවා උල්ලංඝනය කරමින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අසාධාරණයක් සිදුවූ බව පෙන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය වී තිබේ.
අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළේ දිවි නැගුම පණත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් තීන්දුව සම්බන්ධයෙන් පලි ගැනීමේ අරමුණින් බව ද පරීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළේ දිවි නැගුම පණත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් තීන්දුව සම්බන්ධයෙන් පලි ගැනීමේ අරමුණින් බව ද පරීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
"ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ නමින් බ්‍රිතාන්‍යයේ පවතින බැංකු ගිණුම් තහනම් කරන්න"
ඒ නිසා දෝෂාභියෝගයට අත්සන් තැබූ සහ එම දෝෂාභියෝගය විභාගයට ගත් ශ‍්‍රී ලංකාවේ සියලූ මන්ත‍්‍රිවරුන්ට සම්බාධක පැනවිය යුතු බවයි වැඩිදුරටත් යෝජනා වී තිබෙන්නේ.ඔවුන්ට බි‍්‍රතාන්‍යයට පැමිණීම තහනම් කළ යුතු බවද බි‍්‍රතාන්‍ය බැංකුවල ඔවුන් පවත්වාගෙන යන සියලූ ගිණුම් අත්හිටවිය යුතු බවද ජෙෆ්රි රොබට්සන් මහතාගේ වාර්තාවේ දැක්වෙනවා.
මුලාශ්‍රය : Boycott Sri Lanka, Robertson urges