එ.ජා.ප යේ දඹුල්ලේ රැස්වීම් දියාරු වීම නිසා ෂරියා නීතියට රනිල්ගේ අවදානය !

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ පසුගිය 2 හා 3 දිනවල ක්‍රියාත්මක වූ වැඩසටහනට එම පක්ෂයේ ඇතැම් ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගි නොවූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ නොපැමිණි පිරිස් අතර ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල දේශපාලනඥයන් මෙන්ම දකුණු පළාතේ දේශපාලනඥයන්ද සිටින බව වාර්තා වේ.

මේ නිසා අදාළ මැතිවරණ කොට්ඨාසය තුළ ඔවුන්ට භාරදී තිබූ ප්‍රදේශවල මෙම වැඩපිළිවෙළ නිසිලෙස ක්‍රියාත්මක නොවූ බව වාර්තා වේ. මේ පිළිබඳ විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලේවෙල පැවැති රැස්වීමකදී (3 දා) පැවැසුවේ මේ අවස්ථාවට සහභාගි නොවූ සාමාජිකයන් සඳහා 'ෂරියා නීතිය' මෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

කෙසේ වෙතත් පක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට එජාප මාතලේ දිස්ත්‍රික් සංවිධායක රංජිත් අලුවිහාරේ හා පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත අලුවිහාරේ යන මහත්වරුන් පවා පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය. ප්‍රදේශයේ ප්‍රබල පාක්ෂිකයෝ ද ඊට සහභාගි වී නොසිටියහ. දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ එජාප සංවිධායක සංජීව කවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයට බැඳුණු නව සාමාජිකයන් සංඛ්‍යාව තවම ගණන් බලා නැති බවද ඒ මහතා කීය.


Gossip Lanka Hot News Previous News Archive