තම හිටපු පෙම්වතිය විසින් තමන්ගේ ශුක්‍රාණු සොරකම් කොට කෘතිම සංසේචනය මගින් ගැබ්ගෙන ඇතැයි චෝදනා කරමින් ඇමරිකානු ජාතිකයෙක් විසින් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි වාර්තා වේ.
ටෙක්සාස් ප්‍රාන්ත වැසියෙකු වන ලෙයින් හාර්ඩින් විසින් චෝදනා කරන්නේ තම හිටපු පෙම්වතිය වන ඩෙවාල් විසින් ටෙක්සාස් ඇන්ඩ්රොලොජි සර්විසස් නැමැති වෛද්‍ය පර්යේෂණ ආයතනය බාරයේ තිබු තම ශුක්‍රාණු තම අනුදැනුමකින් තොරව අයතා ආකාරයකින් ලබාගෙන කෘතිම සංසේචන කි‍්‍රයාවලියකින් දරුවෙකු බිහිකර ඇති බවත් දැන් දෙහැවිරිදි වියේ පසුවන දරුවාට නඩත්තු ගෙවිමට තමන්ට සිදුව ඇති බවත්ය.