බස් ගාස්තු ඉහළට - Bus fares to go up next week

" බස් ගාස්තුව සියයට 7කින් ඉහළට - ලබන සතියේ සිට ක්‍රියාත්මකයි "
බස් ගාස්තුව සියයට හතකට ආසන්න ප්‍රතිශතයකින් ලබන සතියේ ඉහළ දැමීමට ඊයේ (08) ප්‍රවාහන බලධාරීන් තීරණය කර ඇත. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුව සංශෝධනය පිළිබඳව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශයේ ‍ලේකම් වික්ටර් සමරසිංහ, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බස් සංගම් ප්‍රධානීන් අතර ඊයේ (08) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. 
වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් සංගම් එකමුතුව බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා නොතිබූ අතර ඔවුන් ඉල්ලා සිටියේ බස් කර්මාන්තයට සහනාධාරයකි. නමුත් බස් කර්මාන්තයට එවැනි සහනාධාරයක් ලබාදිය නොහැකි බව මෙම සාකච්ඡාවට සහභාගිවූ මුදල් අමාත්‍යංශයේ අතිරේක ‍ලේකම්වරයා පවසා ඇත.
ඒ අනුව බස් ගාස්තුව වැඩිකිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන බලධාරීන් බස් සංගම් ප්‍රධානීන්ට මෙහිදී දැනුම්දී තිබේ. මෙම බස් ගාස්තු සංශෝධනයේදී දැනට රුපියල් 9ක් පවතින අවම බස් ගාස්තුවේ කිසිදු වැඩිවීමක් සිදුනොවන බවද වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive