වැස්සක් නැතිවම අහසින් මාළු වැස්සක් වැටීමේ අතිශය දුර්ලභ අවස්ථාවක් ඊයේ දහවල් 12.10ට පමණ පොළොන්නරුව ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී දැකගන්නට හැකිවිය.
පොලිස් අධිකාරී කාර්යාලයේ පිටුපස ප්‍රදේශයටත් උසාවි සංකීර්ණය දෙසටත් මෙසේ මිරිදිය මසුන් විශාල ප්‍රමාණයක් අහසින් වැටී තිබෙන බව පොළොන්නරුව ජේයෂ්ඨ පොලිස් අධිකාරි සරත් කුමාර ජෝසප් මහතා පැවැසීය. 'අහසේ ලොකු වැහිකළුවක් තිබුණා.කළු පාටට මමත් යාළුවෙකුත් එළියේ ඇවිදගෙන යනකොට සට සට ගාලා ශබ්දයක් ඇහුණා. අයිස් වැටෙනවා කියලා හිතුවෙ.මගේ ඇඟෙත් වැදුණා. බලනකොට මාළු' සිද්ධිය ඇසින් දුටු පො.කො. සොයිසා (35937) මහතා පැවැසීය.කෙසේ වෙතත් මේ මාළු වැස්ස වැස්සක් නොමැති වෙලාවක සිදුවීම අරුම පුදුම සිදුවීමක් බව පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
එසේ පතිත වූ මත්ස්‍යයන් කිහිපදෙනකු ඡායාරූපයේ දැක්වේ. |