Pages

ඇස් වලට අනුව ක්‍රියා කරන අළුත්ම දුරකතනය Galaxy S4

වත්මනේදී ජංගම දුරකතන තාක්ෂණය විප්ලවීය අයුරින් වෙනස් වෙමින් තිබේ. එම විප්ලවයේ නවතම සොයා ගැනීම වන්නේ ස්පර්ශක තිරයයි. නමුත්, එයින්ද ඔබ්බට යමින් ඇස් වලින් ක්‍රියාකළ හැකි තිරයක් සහිත ජංගම දුරකතනයක් දකුණු කොරියානු සැම්සුන්ග් සමාගම විසින් නිපදවා ඇත.වාර්තාවන ආකාරයට මෙම දුරකතනය Galaxy S4 නමින් නම්කර තිබෙන අතර මීට පෙර සමාගම විසින් හඳුන්වා දුන් S3 දුරකතනය ලොව පුරා ඒකක මිලියන 40 කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබුණි.

නිව් යෝර්ක් නුවර පැවති ප්‍රදර්ශනයකදී Galaxy S4 දුරකතනය සමාගම විසින් එළි දක්වා තිබෙන අතර මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එකම අවස්ථාවක එකිනෙකට වෙනස් ඡායාරූප දෙකක් ලබා ගැනීමට තිබෙන හැකියාවයි.මෙවැනි පසුබිමක් තුළ විශ්ලේෂකයින් විසින් පවසන්නේ ඇපල් සමාගමේ දුරකතන සඳහා විශාලතම තර්ජනය එල්ල කරනු ලබන්නේ සැම්සුන්ග් ජංගම දුරකතන බවයි.

වාර්තා වන ආකාරයට ලබන අප්‍රේල් වලින් පසුව Galaxy S4 දුරකතනය ඇමරිකාවේ හා යුරෝපීය වෙළඳ පොළේ අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන අතර ඇමරිකාවේදී එය ඩොලර් 579 ක්ද යුරෝපයේදී ඩොලර් 650 ක්ද වනු ඇතැයි අනාවරණය වේ.
මෙම දුරකතනය සුදු හා කළු යන වර්ණ දෙකින්ම මිලදීගත හැකිබව සඳහන්ය.
මෙම දුරකතනයේ "Smart pause" යන හඳුන්වා දීම යටතේ වීඩියෝවක් නරඹමින් සිටියදී ඉන් ඇස් ඉවතට ගැනීම මගින් එය නතර කිරීමට හැකියාව ලැබේ. මීට අමතරව, දුරකතනයේ සැලකිය යුතු මෙහෙයුම් ප්‍රමාණයක් ස්පර්ශ කිරීමෙන් තොරව සිදුකළ හැකිබව සඳහන්ය.

පහත දැක්වෙන්නේ වීඩියෝවක් නරඹමින් සිට ඇස් ඉවතට ගනිමින් එය නතර කරන අවස්ථාවකි.


Samsung Galaxy S4 specifications
  • Network 2.5G (GSM/ GPRS/ EDGE): 850 / 900 / 1800 / 1900 MHz, 3G (HSPA+ 42Mbps): 850 / 900 / 1900 / 2100 MHz, 4G (LTE Cat 3 100/50Mbps): up to six different band sets (Dependent on market)
  • Display 5 inch Full HD Super AMOLED (1920 x 1080) display, 441 ppi
  • Processor 1.6 GHz Octa-Core Processor
  • OS Android 4.2.2 (Jelly Bean)
  • Camera Main (Rear): 13 Mega pixel Auto Focus camera with Flash & Zero Shutter Lag, BIS, Sub (Front): 2 Mega pixel camera, Full HD recording @30fps with Zero Shutter Lag, BIS
  • Video Codec MPEG4, H.264, H.263, DivX, DivX3.11, VC-1, VP8, WMV7/8, Sorenson Spark, HEVC
  • Recording & Playback Full HD (1080p)
  • Audio Codec MP3, AMR-NB/WB, AAC/AAC+/eAAC+, WMA, OGG, FLAC, AC-3, apt-X
  • Dual Camera Dual Shot / Dual Recording/ Dual Video Call, Drama Shot, Sound & Shot, 360 Photo, Cinema Photo, Eraser, Night, Best Photo, Best Face, Beauty Face, HDR (High Dynamic Range), Panorama, Sports
  • Additional Features Group Play: Share Music, Share Picture, Share Document, Play Games, Story Album, S Translator, Optical Reader, Samsung Smart Scroll, Samsung Smart Pause, Air Gesture, Air View, Samsung Hub, ChatON (Voice/Video Call, Share screen, 3-way calling), Samsung WatchON, S Travel (Trip Advisor), S Voice™ Drive, S Health, Samsung Adapt Display, Samsung Adapt Sound, Auto adjust touch sensitivity (Glove friendly), Safety Assistance, Samsung Link, Screen Mirroring, Samsung KNOX (B2B only), Google Mobile Services Google Search, Google Maps, Gmail, Google Latitude, Google Play Store, Google Plus, YouTube, Google Talk, Google Places, Google Navigation, Google Downloads, Voice Search
  • Connectivity WiFi 802.11 a/b/g/n/ac (HT80), GPS / GLONASS, NFC, Bluetooth® 4.0 (LE), IR LED (Remote Control), MHL 2.0, Sensor Accelerometer, RGB light, Geomagnetic, Proximity, Gyro, Barometer, Temperature & Humidity, Gesture
  • Memory 16/ 32/ 64 GB User memory + microSD slot (up to 64GB)
  • RAM 2GB
  • Dimensions 136.6 x 69.8 x 7.9 mm, 130g
  • Battery 2,600 mAh