රට පුරා හෝටල්වල Halaal ලකුණ අප්‍රේල් සිට ඉවතට

‘හලාල්’ ලකුණු සහිත නිෂ්පාදන අප්‍රේල් පළමු වැනිදා සිට අලෙවි කිරීමෙන් වැළකී සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
 එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන්නේ හලාල් සහතිකය හේතුවෙන් පසුගිය කාලය තුළ ආපනශාලා හිමියන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවු බවත් බහුතර සිංහල සහ දෙමළ පාරිභෝගිකයන් හලාල් සහතිකය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආපනශාලාවලින් ලැබුණු ආදායම පහත වැටුණු බවත්ය. ආපනශාලා හිමියන්ට ආපනශාලා සඳහා ඉහළ මිලක් වැය කිරීමට සිදුවුව ද ඉන් ලැබෙන ආදායම පහල ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

Gossip Lanka Hot News Previous News Archive