බොදුබල සේනා සංවිධානය විසින් මහනුවර දී සංවිධානය කර තිබූ සමුළුවකට ඊයේ එක්වෙමින් එහි මහ ලේකම් ගලාබොඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ හලාල් පිළිබදව යළිත් තමන් කතා නොකරන බවයි. හලාල් ප‍්‍රශ්ණය අවසන් කර ඇති ප‍්‍රශ්ණයක් බැවැනි මින් ඉදිරියිට ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ උවමනාවක් නැතැයිද උන් වහන්සේ පැවසූහ.
තම සංවිධානය කිසිසේත් දේශපාලන අතකොළුවක් නොවන බවද කී උන් වහන්සේ මේ වන විට මුස්ලිම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන පදිංචිව ඇති බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිම මුදාගැනීම සඳහා තමන් මීළඟ මෙහෙයුම ආරම්භ කරන බවද පැවසුහ.
එම ස්ථානයේ බලහත්කාරයෙන් රැදී සිටින පිරිස්වලට එම ස්ථානයෙන් ඉවත්වීමට අප්‍රේල් 30 දක්වා කල් ලබා දෙන බවද ඥානසාර හිමියන් අවධාරණය කලහ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhooBL6Xn97J0UGV4MLefk9NeqjZb4EO2hQmm36_9Am6gk_ya-3LSeGWYufxsCgefQ1omvyf6GbylRhZt6_Ka7rhQCDnkXgQVXtVVr0eugLZbrpREy6C5ZQr0wAliPqp6te1mGSwIZNrGxU/s200/bodubalasena-logo.png)