Pages

හිරුණිකා දේපළ අයිතිය කියා ලෙඩක් දාගනියි ! Hirunika released on bail

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය බොරැල්ලේ ඉඩමකට අයුතු ලෙස ඇතුළුවී තර්ජනය කළැයි ඇය ඇතුළු සිව්දෙනෙක් බොරැල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

හිරුණිකා අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ලේ, කිංසි පාෙර්, අංක 175 දරන ස්ථානයේ පිහිටි කඩකාමරයක සිටි පිරිසක් බලහත්කාරයෙන් එළියට ඇද දැමීමට ගත් උත්සාහයක් හේතුවෙනි.එම කඩකාමරය නැසීගිය සිය පියාගේ බව පවසමින් හිරුණිකා එය පවත්වාගෙන යනු ලබන ධම්මික ප්‍රසාද් නැමැත්තා මෙසේ එළියට ඇද දැමීමට උත්සාහ කර ඇතැයි පැවසේ.මීට පෙරද මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් හිරුණිකාගේ මවටද චෝදනා එල්ලවී තිබිනි. ලබන 27 වැනිදා අලුත් කඩේ අධිකරණයට පැමිණෙන ලෙස පොලීසිය ඇයට දන්වා ඇත.