Pages

හිරුණිකා සී.සී.ටී.වී. එකේ - Hirunika Premachandra's CCTV

තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්දට එරෙහිව සටන් වදින හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දැන් ගොඩනැගිලි හිමිකරුවෙකු සම්බන්ධ පටලැවිල්ලකට මැදි වෙලා.මෙම සිද්ධිය පිළිබඳ සීසීටීවී වීඩියෝ සාක්ෂි සහිත විස්තර වාර්තා සපයන්නේ දුමින්දගේ සොයුරුට අයත් හිරු ටීවී නාලිකාවයි.
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පහරදීමේ පැමිණිල්ලකට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරි බව කියන මේ සිද්ධිය පෙරේදා වාර්තා වුණා. බොරැල්ල කිංසි පාරේ අංක 175 දරණ ස්ථානයේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයට හිරුණිකා ඇතුලූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එහි හිමිකරුට මෙලෙස තර්ජනය කළ බව කියැවුණා. ආයතනයේ හිමිකරු වන ධම්මික සිරිවර්ධන බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කළ පසු හිරුණිකා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරුණු බව වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අලූත්කඩේ අංක 2 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිරුණිකා ඇතුලූ පිරිසට දැනුම්දී ඇති බවද ඊයේ වාර්තා වුණා.

හිරුටීවී වෙබ් අඩවියේ පළවූ එම සීසීටීවී ඡායාරූප පහතින්


එම වීඩියෝ පහතින්



හිරු ෆේස්බුක් පිටුවේ ඔවුනට චෝදනා එල්ලකර තිබූ අයුරු පහතින් නරබන්න ..ඉන් පැය කිහිපයකට පසු එම පුවතට දක්වා තිබු අදහස් සියල්ල ඔවුන් විසින් ඉවත් කර තිබුනා..