iPad සොරකමේ නිරූපිකාවට උසාවියෙන් පොදු සමාවක්

කොල්ලුපිටිය ක්‍රෙස්කැට් වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසලකින් අයිපෑඩ් එකක් සොරකම් කර හසුවී අධිකරණයේදී වරද පිළිගත් නිරූපිකාවක් කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා විසින් අවවාද කර පොදු සමාවක් ලබාදී මුදාහරිනු ලැබීය.

සකුරා සන්ධ්‍යා කුමාරි බණ්ඩාරනායක නමැති නිරූපිකාවට මෙසේ පොදු සමාවක් ලබා දෙන ලදී. මේ සැකකාරිය ක්‍රෙස්කැට් වෙළෙඳ සංකීර්ණයේ මොනාච්චි වෙළෙඳ ආයතනයේ හිමිකරු හමු වී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය බව පවසා පසුව ඔහු සතු රුපියල් හැත්තෑපන් දහසක් වටිනා අයිපෑඩ් එක සොරකම් කරගෙන ගොස් ඇත.පසුව කොල්ලුපිටිය පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකාරිය සහ අයිපෑඩ් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාරිය පොදු සමාව යටතේ මුදාහැරීමෙන් අනතුරුව අයිපෑඩ් ඒ පැමිණිලිකරුට මුදා හැරීමට නියෝග කෙළේය.

-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive