Pages

IPL යන ක්‍රීඩකයන්ටත් තමිල්නාඩුවෙන් කොක්කක්

චෙන්නායි වලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගීවන අයි.පී.එල් තරඟාවලියට තහනමක් පනවන ලෙසට ඉල්ලමින් තමිල්නාඩු තරුණ පෙරමුණ සහ තමිල්නාඩු ශිෂ්‍ය පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අයි.පී.එල් තරඟ 10 ක් චෙන්නයි හිදී පැවැත්විමට නියමිත අතර මෙම තරඟාවලියට කණ්ඩායම් 09 ක් සහභාගීවන අතර, ඉන් කණ්ඩායම් 8 ක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියෝජනය කරයි. දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් කැපවෙන බව පවසන ද්‍රාවිඩර් මුන්නේට්ට්‍ර කලගම් පක්ෂයේ නායක කරුණානිධිගේ දේශපාලන පරපුර, තම මුදල් බලයෙන් මිලදී ගෙන ඇති හයිද්‍රාබාත් කණ්ඩායමේ නායකයා වශයෙන් මහේල ජයවර්ධන පත් කර ඇත.
එම නිවේදනයේ මේසෙද සඳහන් කර ඇත
තමිල්නාඩුවේ සහ ලෝකයේ බොහෝ රටවල පවත්වමින් සිටින දෙමළ ඊළාම් විමුක්තිය සඳහා වන සටන් වලදී ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අතුරින්, ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රතික්ශේප කර ශ්‍රී ලංකාව සමඟ ඇති සියළු සබඳතා නැවැත්විය යුතුය යන ඉල්ලීම ඉතා වැදගත් ඉල්ලීමක් බවද සඳහන් කල යුතුය.
ජාතිවාදය තම මූලික ප්‍රතිපත්තිය කරගත් රටකට ඳඩුවම් ලබාදීමක් වශයෙන් එම රට සමග භාණ්ඩ, සංචාරක, ක්‍රීඩා යනාදී සබඳතා අත්හිටුවීමට ජාත්‍යන්තරයේ රටවල් බොහෝ අවස්ථාවලදි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත.
ජාතීන් ප්‍රතික්ෂේප කිරීම තම දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරමින් කළු ජාතීන් විනාශ කල සුදු ජාතින්ගේ ජාතිවාදී පාලනයට නතුවී තිබූ දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ යනාදි රටවලට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම, ක්‍රීඩකයින්, ගුරුවරුන්, සිසුන්, බැතිමතුන් ඇතුළු සියළු දෙනාට එම රටවලට සංචාරය කිරීම තහනම් කිරීම සිදුකල අතර, එම රටවල ජනතාවට විදේශයන්හි සංචාරය කිරීම තහනම් කරන ලදි. ඉන්දියානු රජයද ශ්‍රී ලංකාව වෙත ඒ ආකාරයේම තහනමක් පැනවිය යුතුය යන්න තමිල්නාඩු දෙමළ ජනතාවගේ එකම ඉල්ලීම බව අවධාරණය කිරීම සඳහා 2011.06.08 වන දින තමිල්නාඩු මන්ත්‍රණ සභාවේදී යෝජනාවක් සම්මත් කර ගනිමින් එම නිර්දේශය ඉන්දියානු රජයට භාරදෙන ලදි.
නමුත් තමිල්නාඩු ධීවරයින් වෙත දිනපතා පහර දෙමින් ඔවුන්ගේ ධීවර ආම්පන්න විනාශ කරමින් සිටින ශ්‍රී ලංකාවට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකල ඉන්දියානු රජය මේ වනතෙක් ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගෙන නොමැත.
තමිල්නාඩු ජනතාව වෙනුවෙන් සංවිධාන පවත්වාගෙන යන අප, ශ්‍රී ලංකාවේ භාණ්ඩ වර්ජනය කිරීම සහ ‘සංචාරය’ නමින් ඔවුන් තමිල්නාඩුවේ සැරිසැරිම හෙලාදකින්නෙමු.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම චෙන්නායි වලට පැමිණි අවස්ථාවේදි, ඔවුන්ව ආපසු හරවා යැවූ තමිල්නාඩු රජය, ආසියානු මළල ක්‍රිඩා තරඟාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහභාගීවීම හේතුවෙන් එම තරඟය තමිල්නාඩුවේ නොපවත්වන බවට දැනුම් දීම ප්‍රසංසනීය දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස දකින්නෙමු.
මූලාශ්‍රය: ලංකා ටැමිල් නිවුස් (තමිල්වින් වෙබ් අඩවිය)