කිසියම් ක්‍රීඩකයෙකු අයි.පී.එල්. තරගාවලියට සහභාගි නොවී සිටීමට තීරණය කළහොත් එම තරගාවලිය පැවැත්වෙන කාලය සඳහා ඔවුන්ට වැටුප් ගෙවීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට කිසිදු ගෙවීමක් සිදුනොකරන බව ඉකුත් දා අත්සන් තැබුණු වාර්ෂික ගිවිසුම්වල සඳහන් වනවා.
එහෙත් කිසියම් ක්‍රීඩකයෙකු අයි.පී.එල්. තරගාවලියට සහභාගි නොවන්නේ නම් ඔවුන්ට වැටුප් ගෙවීමට එම ගිවිසුමෙන්ම පහසුකම් සැපයෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා කියා සිටියේ. කෙසේ වෙතත් ක්‍රීඩකයන් සඳහා අයි.පී.එල්. තරගාවලියේ ගිවිසුම්ගත ගෙවීම ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ වැටුප මෙන් කිහිපගුණයක් වනවා.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ක්‍රීඩකයන්ගෙන් ඉකුත්දා ඉල්ලා සිටියේ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන්නේ නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන ලෙසයි.IPL තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ, තවත් දින කිහිපයක් පමණි.කෙසේ වෙතත් ලාංකික ක්‍රීඩකයින් IPL තරගාවලියට සහභාගී නොවන බවට මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක අජිත් ජයසේකර මහතා පැවසී ය.ක්‍රීඩකයින් සිය කැමැත්ත පළ කළ ලිපි ද මෙතෙක් භාර දී නොමැති බව ඔහු පැවසී ය.
මේ අතර තරග සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඉන්දියාවේ විවිධ අංශවල මාතෘකාවක් බවට පත්ව තිබේ.