![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikJhXCr2b7Uz5vf0NSw-adV4s8bZDb_XCpFVlmo8Nl21PfZnjHJW6J6bH-fmd4JDhtpCC2YnpzNzzQ_uYAxuuaHc6uR-oiBhub7GreYssgjE3cJprH6zS0zyxo1ggS36RhBJYYVfUgTOU/s320/2009428165344752580_8.jpg)
"කොටින්ට උදව් කළ පාර්ශ්වයන් ගැන දන්නා එකම පුද්ගලයා මමයි. නෝර්වේ ස්‌විට්‌සර්ලන්තය, තායිලන්තය ඇතුළු රටවල් ගණනක මා සංචාරය කළා. ආයුධ වර්ග 409 ක ලැයිස්‌තුවක් බැංකොක් හෝටලයකදී අයිසර් කියන කොටි ආයුධ ප්‍රධානියාට භාර දෙන ලෙස ප්‍රභාකරන් භාර දුන්නේ මටයි. මා නෝර්වේහි ආයුධ සමාගම්වලටත් ගියා යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.
වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා යෑයි මා රාජ්‍ය නොවන සංවිධානවලට කියනවා. රාජ්‍ය නොවන සංවිධානත් කොටි සංවිධානයට උදව් කළා යෑයි ඔහු පැවැසීය.ප්‍රභාකරන්ට වෙඩි නොවදින ප්‍රාඩෝ වාහනයක් පවා සපයා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක් යෑයි ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.