• මොනවද මේ දවස්වල වැඩ කටයුතු?
ඉදිරියේදී ස්වර්ණවාහිනියේ විකාශය වන "මැද ගෙදර" ටෙලි නාට්‍යයේ රූගත කිරීම කරනවා. ඊට අමතරව නම් පසුගිය දවස්වල ප්‍රසංගයකට කොරියා ගියා. ඉදිරියේත් බාර ගත් විදෙස් ප්‍රසංග කීපයක්ම තියෙනවා.
• මුතු තරංගා කියන්නේ මොන වගේ චරිතයක්ද?
බොහොම සාමාන්‍ය කෙනෙක්. ඒ වගේම පොළොවේ පය ගහලා ජීවත්වන කෙනෙක්.
• නිරූපිකාවක් වෙන්න ගත්ත තීරණේ හරි කියලා හිතෙනවාද?
• මුතු නිළියක් වුණේ ඇයි?
ඒක පෙර වාසනාවකට සිද්ධ වෙච්ච දෙයක්. මගේ තාත්තාගේ සහය නොලැබෙන්න කවදාවත් මට නිළියක් වෙන්න ලැබෙන්නේ නැහැ.
• නිළියක් වෙලා ජීවිතේ කොතැනකවත් වැරදුණේ නැද්ද?
අපෝ නෑ... හරි ගියා මිස වැරදුණේ නම් නෑ.
• ඒත් සමහරුන්ට නම් වැරදෙනවා.
වෙන්න ඇති. ඒත් මට එහෙම වුණේ නැහැ.
• පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
ගායිකාවක් වෙන්න.
• නිළියක් වෙලා ඒ හීනෙට නම් වැරැද්දක් වෙලා වගේ....?
• මුතු පාසල් කාලේ මොන වගේ චරිතයක්ද?
ගායනයට, නර්තනයට දක්‍ෂයි. ක්‍රීඩාවටත් දක්‍ෂයි. නෙට්බෝල් විතරක් නෙවෙයි එල්ලේත් ගහලා තියෙනවා. හැබැයි හරිම ලැජ්ජාශීලීයි. ගෙදරට නෑදෑයෙක් ආවත් මුළුගැන්විලා ඉන්නේ.
• ලැජ්ජා බය නැති වුණේ නිළියක් වුණාට පස්සෙද?
තාම මගේ ලැජ්ජා බය නැතිවෙලා නෑ.... මම මැරෙනකන්ම ඒ ලැජ්ජා බය නැති වෙන්නෙ නම් නෑ... එහෙම වුණා නම් රංගනයෙන් වුණත් මම මීට වඩා ඉදිරියට ගිහින්.
• අධ්‍යාපනයට නම් වැරැද්දක් වුණා නේද?
ඔව්නේ.... පාසල් කාලේ වැඩිපුර හිටියේ නැටුම් කාමරයේ... නැත්නම් සංගීත කාමරයේ... මම සාමාන්‍ය පෙළ සමත් වුණත් සිස්ට හිතපු තරමට උසස් ප්‍රතිඵල ගන්න බැරි වුණා... සිස්ටර්ට මූණ දෙන්න බයටම ප්‍රතිඵල කියන්නවත් පාසලට ගියේ නැහැ. එතැනින්ම අධ්‍යාපනයත් අවසන් වුණා.
• ප්‍රේමයේ වැරදුණු තැන් ඇති...?
ඒක වැරැදුණ තැනකට වඩා මට හරිගිය තැනක් කියලයි දැන් හිතෙන්නේ. ඒක හරි ගියා නම් නොගැළපෙන විවාහයක් නිසා ජීවිතේම විඳවන්න වේවි.
• ජීවිතේ ගත්ත වැරැදිම තීරණය මොකක්ද?
ප්‍රථම ප්‍රේමයම තමයි. මවුපියන් විරුද්ධ වෙද්දියි මම ඒ සම්බන්ධයට පැටලුණේ. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒ සම්බන්ධය දුරස් වුණා.
• දැන් ප්‍රේමය ගැන තෘප්තිමත්ද?
නැත්නම්... දැන් අපේ ප්‍රේමයට අවුරුදු 8 යි.
• ඒත් දවසින් දවස ඔබේ විවාහය කල් යනවා. එහෙම වෙන්න කොතැනද වැරදුණේ...?
පසුගිය අවුරුද්දේ අවසානයේ විවාහ මංගල්‍යය ගන්නයි සැලසුම් කරලා තිබුණේ. ඒත් නවසීලන්තයේ සංචාරයකට ගිය නිසා ඒක තව ටිකක් කල් ගියා... බොහෝ වෙලාවට මේ අවුරුද්ද අවසානයේ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙයි.
• හිටි හැටියේ නවසීලන්තයට ගියේ ඇයි?
සංචාරයකට.
• පදිංචියට නෙවෙයිද?
නෑ.... කැමැත්තක් තිබුණත් බාරගත්ත වැඩ අතරමඟ දාලා යන්න බෑනේ.
• විදෙස් සංචාරයක් වෙනුවෙන් විවාහ මංගල්‍යය කල් දාන්න ගත්ත තීරණය හරිද?
වැරැද්දක් නෑ... නිශාන්තයි මමයි ඒ රටට හරි ආසයි... ආපසු යන්න ලැබුණොත් ගිහින් එන්න යනවා.
• මුතුට ක්‍ෂේත්‍රයේ හොඳ යාළුවො නෑ කියන්නේ ඇත්තද?
මම හැමෝ එක්කම කතා කරනවා... හිනාවෙනවා... හැබැයි ඕනෑවට වඩා කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නෙ නෑ... ක්‍ෂේත්‍රයේ විතරක් නෙවෙයි ක්‍ෂේත්‍රයෙන් පිටත් බඩ බැඳගෙන ආශ්‍රය කරන යාළුවො මට නෑ.
• එහෙම වෙන්න කොතැනද වැරැදුණේ...?
ඕනෑවට වඩා සම්බන්ධතා තියෙනකොට අපි ඒ ජීවිතවලට කිට්ටු වෙනවා. අපේ අඩුපාඩු එයාලා දකිනවා. ඒ දේවල්වලින් අවස්ථාව ලැබුණම ප්‍රයෝජන ගන්නවා. එහෙම වුණාම හිත රිදෙනවා. මම මගේ හිත රිදවා ගන්න කැමැති නෑ.
• අත්දැකීමෙන්ද කියන්නේ...?
ඔව්. අත්දැකීම් නැත්තෙත් නෑ.
• මෙගා ස්ටාර් ගිහින් වැරදුණා නේද?
වැරදුණ තැනුත් තිබ්බා. හරි ගිය තැනුත් තිබ්බා. මට ගායනා කරන්න පුළුවන් කියලා ගොඩක් අය දැනගත්තේ මෙගා ස්ටාර් නිසා.
• අනාගතය ගැන දකින හීන මොනවාද?
කවදාවත් මම හීන දැකලා නෑ. ඇත්තටම මට හීන නෑ... හීන පස්සෙ දුවලා සැබෑ නොවුණාම හිත රිදවා ගන්නවට වඩා හීන නොදැක ඉන්න එක හොඳයි.
කතාබහ - හිමේෂා සවන්තී රාජපක්‍ෂ