ලංකාවේ දෙමළ වැසියන්ට අසාධාරණයක් නැහැ - Muttiah Muralitharan

අයි.පී.එල් චෙන්නායි තරගවලින් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් ඉවත් කිරීම ක‍්‍රිඩාවේ නාමයෙන් කණගාටුවට කරුණක් බව ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවු විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් පවසනවා.

එන්.ඞී.ටී.වී ප‍්‍රවෘත්ති සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේ අවසර ලැබෙන්නේ නම් චෙන්නායි හී ක‍්‍රිඩා කිරීම තමන්ට ගැටළුවක් නොවන බවයි. ඉන්දියාවේ සෙසු ප‍්‍රදේශවල පැවැත්වෙන අයි.පී.එල් තරග සඳහා සහභාගි විමට අවහිරයක් නොමැති බවද ඉහල කැමැත්තකින් එම තරගවලට සහභාගි වන බව ද මුත්තයියා මුරලිදරන් කියා සිටියා.තමිල්නාඩුවේ උග‍්‍රවන ශ‍්‍රී ලංකා විරෝධය සාධාරණ එකක් දැයි මෙම සංවාදය මෙහෙයවු මාධ්‍යවේදියා මුරලිදරන්ගෙන් ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් මුරලිදරන් කියා සිටියේ උද්ඝෝෂකයින් පෙන්වා දෙන ආකාරයේ අසාධාරණයක් ශ‍්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට සිදු නොවන බවයි.

මේ අතර අර්ජුන රණතුංග මහතා කියා සිටින්නේ  සියළු ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය අතහැර දැමිය යුතු බවයි.


අයි.පී.එල් තරගාවලිය සඳහා තෝරාගෙන සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති නිසාවෙන් අයි.පී.එල් සඳහා සහභාගීවන අනෙකුත් ක්‍රීඩකයින්ද එම තරගාවලිය අතහැර දැමිය යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.රණතුංග මහතා පෙන්වාදෙන්නේ ක්‍රීඩකයින් මෙම අවස්ථාවේ සිතිය යුත්තේ මුදල් හෝ වෙනත් යමක් නොව රට මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් බවයි.තමිල්නාඩුවෙන් බලපෑම් එල්ලවීම මත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එම ප්‍රාන්තයේදී පැවැත්වෙන තරග සඳහා සහභාගී නොකරවා ගැනීමට තීරණය කලද ඔවුන් කිසිවිටෙකත් එම තරඟ තමිල්නාඩු ප්‍රාන්තයේ නොපවත්වන බවට හෝ තීරණයක් නොගත් බවත් ඔවුන් ගනු ලැබ ඇත්තේ දේශපාලන තීන්දුවක් බවත් රණතුංග මහතා පැවසීය.

එමෙන්ම ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය සඳහා තෝරාගෙන ඇත්තේද රට වෙනුවෙන් ප්‍රථමයෙන් ක්‍රීඩාකර ඇති නිසාවෙන් බවත් තමා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුව සිටියේ නම් තමා සිදුකරන්නේ කිසිදු ක්‍රීඩකයෙකු මෙම අවස්ථාවේදී එම තරගාවලිය සඳහා සහභාගී නොකරවන ලෙස යනුවෙන්ද රණතුංග මහතා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive