අභිනව පාප් වහන්සේ පළමු ෆ්‍රැන්සිස් ආජන්ටිනාවෙන් - The new pope is Argentine Cardinal Jorge Bergoglio

ලෝකයේ කෝටි එකසිය විස්සක් බැතිමතුනගේ නායකයා වන, දෙසිය හැට වැනි පාප් වහන්සේ වශයෙන් පත් කොට ගෙන ඇත්තේ ආජන්ටිනාවේ හොර්ගේ බෙර්ගොග්ලියෝ කාදිනල් වරයායි. කතෝලික සභාවේ අභිනව නායකත්වය තෝරා පත් කර ගන්නා ලද බව වතිකානය නිවේදනය කළේය.

ලෝකයේ කෝටි එකසිය විස්සක් බැතිමතුනගේ නායකයා වන, දෙසිය හැට වැනි පාප් වහන්සේ වශයෙන් මාර්තු දහතුන් වැනි දා පත් කොට ගෙන ඇත්තේ ආජන්ටිනාවේ හොර්ගේ බෙර්ගොග්ලියෝ කාදිනල් වරයායි.
මෙතැන් පටන් උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ පළමු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නමින්.වතිකානයේ සිස්ටීන් දේවස්ථානයට රැස්වූ කාදිනල් වරුන් 115 දෙනකු නව පාප් වහන්සේ තෝරා ගැනීමට දෙදිනක් තිස්සේ පස් වතාවක් ඡන්දය පාවිච්චි කොට තිබේ. කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් ප්‍රනාන්දු කාදිනල් වරයාද මෙම පාප්වරණයට සහභාගී විය.
ලෝකයේ අඩුම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වඩාත්ම රහසිගත මැතිවරණ යකින් තෝරා පත් කර ගනු ලබන පාප් පදවියට නිල කාල සීමාවක් නැත.අසූ පස් වියේ පසුවන ජර්මන් ජාතික සොළොස් වන බෙනඩික්ට් පාප් වහන්සේ පෙබරවාරියේ විශ්‍රාම යාමෙන් අනතුරුවයි ධුරය පුරප්පාඩු වුයේ.

එවන් ස්වෙච්ඡායෙන් විශ්‍රාම ගැනීමක් පාප් වහන්සේ නමක් සිදුකොට ඇත්තේ මෙයින් සියවස් හතකට ඉහතදී.


සිස්ටයින් දෙව්මැදුරේ පාප්තුමකු පත් කර ගත් බවට සුදු දුම් පිටවූ අයුරු



Jorge Bergoglio, the Archbishop of Buenos Aires, was elected pontiff on the fifth ballot on Wednesday following the papal conclave in Rome.

Gossip Lanka Hot News Previous News Archive