මේ යකා ගරිල්ලා දන්නෙත් නෑ ගෝරිල්ලෝ දන්නෙත් නෑ - Palitha Range Bandara

ෂොර්ට් ටයිම්, හාෆ් ටයිම්, පාට් ටයිම් නායකයෙකු නැතිව ෆුල් ටයිම් නා‍යකයෙකු සිටියේ නම් අද අපට අවුරුදු 19ක් විපක්ෂයේ සිටීමට සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පවසයි.පාට් ටයිම් හා හාෆ් ටයිම් වැඩකරන නිලධාරීන්ගෙන් තමන්ට වැඩක් නැතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මහනුවරදී කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා අද (03) කුරුණෑගල පැවැති උත්සවයකදී මේ බව පැවසීය.

ඩී.එස්. සේනානායක මහතා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ලෙස එජාපය හැදූ බවත් ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයක් ලෙස එය පත්කළ බවත් එහිදී මන්ත්‍රීවරයා සිහිපත් කළේය.රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී එජාපය නව ලිබරල්වාදී පක්ෂයක් ලෙස පත්කළ බවත් පසුගිය දෙසැම්බර් 19 වැනිදා සම්මේලනයේදී එය රැඩිකල් පක්ෂය බවට පත් කළ බවත් ඔහු පෙන්වාදුන්නේය.කෙසේ වෙතත් දැන් එය අහිංසක ගරිල්ලාවාදී පක්ෂය ලෙස විපක්ෂනායකවරයා හඳුන්වන බව රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය.


රැඩිකල් එක දැන් අහිංසක ගරිල්ලාවාදී පක්ෂයක් බවට පත්කර ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.

අහිංසක ගරිල්ලා ක්‍රමයට ගැසිය නොහැකි බවත්, අහිංසක ගරිල්ලෝ ලෝකයේ කොහේවත් නැති බවත් ගරිල්ලා යනු “ගියා ගැහුවා කුඩු පට්ටම් කරලා සුණු විසිණු කරලා ආවා” යන කණ්ඩායමක් බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

ඒ අනුව “මේ යකා ගරිල්ලා දන්නෙත් නෑ ගෝරිල්ලෝ දන්නෙත් නෑ” යනුවෙන් පැවසු රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා නොදන්නා දේවල් කීමෙන් වැළකී සිටින ලෙස ද එජාප නායකයාගෙන් එහිදී ඉල්ලා සිටියේය.

adaderana

Gossip Lanka Hot News Previous News Archive