”අප්පච්චිගේ කටහඬ පොඩ්ඩක් හරි මට ලැබිලා තියෙනවා නම් ඒක මට ලොකු ආශිර්වාදයක් විදිහට මම සලකනවා. මොකද ලංකාවේ බොහෝ දෙනෙකු ආදරය කරන කටහඬක්නේ අප්පච්චිගේ කටහඬ. අප්පච්චිගේ කටහඬ සම්පූර්ණයෙන්ම නැති වුණත් ඒ ළඟින්ම වාගේ, ඒ ගායන ශෛලියට සමානවම වාගේ ගී ගයන්න හැකි කටහඬක් මට හිමි වී තියෙනවා කියලා මං හිතනවා.”
ලක්ෂිත ගී ගයද්දී ඔබේ පියාව අනුකරණය කරනවා ද...?
”කෙළින්ම අප්පච්චිව අනුකරණය කරනවා කියලා කියන්න බැහැ. ඒත් ඒ ගීත ගයනවා නම් ගයන්න ඕනේ අප්පච්චිව අනුකරණය කරමින් තමයි. ඒ අප්පච්චි ගයා ඇති ගීතවල අප්පච්චිගේ අනන්‍යතාව එනම් අප්පච්චිගේ සලකුණ තියෙන හින්දා. ඒ සලකුණ ගීත ශ්‍රාවකයින් හඳුනා ගෙන ඇති නිසා අපට එය වෙනස් කිරීමට බැහැ. වෙනස් කරන්න ගියොත් එවිට එම ගීත විනාශ වෙනවා. ඒත් අප්පච්චි අනුකරණය කරමින් මා ඔහුගේ ගී ගයන නිසා ඉදිරියේ දී එම ගීත ආරක්ෂා වෙනවා.”
ඔබේ පියා ගැයූ ගී විනාශ වී යාමේ වාතාවරණයක් තිබෙනවාද...?
”ඔව්, ඇතැම් පුද්ගලයින් එවැනි ක්‍රියා කර තිබෙනවා. උදාහරණයක් ලෙස පවසනවා නම් මගේ අප්පච්චි ගායනා කළ ගීත තිබියදීත් වෙනත් නවක ගායකයින් ෂසින් සදාචාර විරෝධී අයුරින් ප්‍රසංග ආදියේ ඉදිරිපත් කළ ගීත ගුවන් විදුලි නාළිකා වලින් ප්‍රචාරය කිරීම නිසා අප්පච්චි ගැයූ ගී විනාශ වී යාමේ වාතාවරණයක් ඇති වී තිබීම පෙන්වා දීමට පුළුවන්. එවැනි ඇතැම් ගායකයින්ගෙන් මගේ අප්පච්චිගේ ගීත ආරක්ෂා කර ගැනීම පුතෙකු ලෙසින් මගේ වගකීම කියා මට හැඟෙනවා.”
සමහර ගායකයින්ගෙන් පුතුන් මෙන් ලක්ෂිතත් පියාගේ ගීත පමණක්ම ගය ගයා සිටින්න ද කල්පනාව..?
”නැහැ. නැහැ - මං එහෙම කරන්නේ නැහැ. මං අප්පච්චිගේ ගීත ගයන ගමන්ම මගේම නිර්මාණත් කරමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං පසුගියදා මගේ ප්‍රථම ගීතය කළා. අප්පච්චි ගයන ‘පෙම් සිනහව ඔබ පෑව‘ ගීතය නිර්මාණය කළ ගී පද රචක කසුන් සත්සරයි සංගීතඥ උපුල් අසංකයි තමා මට මගේ මුල්ම ගීතය (“ආදර දෑසට ළං වී”) නිර්මාණය කිරීමේදි දායක වුණේ.”
ආදර දෑසට ළං වී
ප්‍රේමේ හසරැලි තව තව දැනුණාවේ
ඔබේ ළඟින් මා දැවටී
බලා සිටින්නම් ඔය සුන්දර දෑසින්...!
(පද – කසුන්සත්සර)
ඔබ ගීත ගායනයට යොමු වුණේ කෙසේ ද..?
”මං පොඩි කාලයේ ඉඳලම අප්පච්චි සංගීත කටයුතු වල නියැළෙන අයුරු දැක්කා. ප්‍රසංග වේදිකාවේ, ගුවන් විදුලියේ, රූපවාහිනියේ අප්පච්චි ගී ගයද්දීත්, ගායකයෙකු වීම නිසා අප්පච්චි රටේ වැදගත් පිළිගත් කෙනෙකු වෙද්දීත් මගේ හිතෙන් සංගීත ක්ෂේත්‍රය ගැන විශාල ආසාවක් ඇති වුණා. තවත් කරුණක් වුණේ මගේ අම්මාත් සංගීත ගුරුවරියක් වීමයි, ගෙදර සංගීතමය පසුබිමක තමයි, අක්කලා දෙන්නයි, නංගියි, මමයි හැදුණේ.
හැම තිස්සෙම මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර් වැනි ප්‍රවීණයන්ගේ ගීත තමයි අපි ඇසුවේ. ඒ වගේම ක්ලැරන්ස් (විජේවර්ධන) සහ මිල්ටන් (මල්ලවආරච්චි) අංකල්ලා සමඟ අප්පච්චි ඇසුරු කරද්දී සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්න පොඩි කාලෙදිම මටත් තව තවත් ආසා හිතුණා. ගීත ගායනයට යොමු වුණේ ඒ ආසාවට විතරක්ම නෙමේ, විශේෂයෙන්ම මගේ අප්පච්චි ගැයූ ගීත ආරක්ෂා කරගෙන මගේ හැකියාවේ තරමින් ගී නිර්මාණ කරන්නයි.”
තරුණ නිර්මාණකරුවෙකු ලෙස ඔබ වත්මන් සංගීත ක්ෂේත්‍රය සහ ගී නිර්මාණ ගැන හිතන්නේ කෙසේ ද..?
”හොඳ නිර්මාණ වගේම නරක ඒවාත්, දක්ෂ නිර්මාණකරුවන් වගේම කරන්නන් වාලේ කරන මුදල් පසුපස හඹා ගෙන යන පිරිසකුත් ඉන්නවා. කලාකරුවන් වශයෙන් අපි මුදල් හඹා ගෙන යාම සුදුසු නැහැ. එහෙම කරන නිර්මාණ වල ගුණාත්මකභාවය අඩුයි. අපේ සමාජයට සංස්කෘතියට ගැළපෙන අයුරු ඉදිරිපත් කරන ගී නිර්මාණ වල හිඟයක් නම් වර්තමානයේ පවතිනවා.”
ඔබේ පියා ගැයූ ගීත වෙනත් ගායකයින් ගායනා කිරීම ගැන ඔබේ අදහස කුමක් ද..?
”මගේ අප්පච්චිගේ ගීත තරගයකදී ගායනා කළාට කමක් නැහැ. ඒත් ප්‍රසංග වේදිකාවල හෝ ගී තැටි සඳහා ගායනා කිරීම සපුරා තහනම්. මගේ අප්පච්චි තාම ජීවතුන් අතර ඉන්නවා. හොඳින් ගීත ගයනවා. ඒ වගේම අප්පච්චිගේ පුතා වශයෙන් මම ඉන්නවා එම ගී ගයන්න. එම නිසා ගී තැටිවලට සහ ප්‍රසංග වේදිකාවේ මගේ අප්පච්චිගේ ගී ගයන්න බලාපොරොත්තු වෙන කාගෙන් වුණත් මං කාරුණිකව ඉල්ලා සිටිනවා. ’එහෙම කරන්න හීනෙකින් වත් හිතන්න එපා’ කියලා.”
ඔබේ පියා ගැයූ ආදර ගීත ගණනාවක්ම මේ වනවිට ඔබේ හඬින් ගැයෙනවා. ඉතින් ආදරය පිළිබඳව ඔබ හිතන අයුරු පවසනවා නම්..?
”ආදරය ඉතාම සුන්දර දෙයක් කියලා මං හිතනවා. මට දැන් අවුරුදු විසි අටයි. ඒත් මම විදේශ ගතවෙලා ඉන්න හින්දා තාමත් මට ආදරය කරන්න ගැළපෙන යුවතියක් හමුවීමේ අවස්ථාව උදා වුණේ නැහැ.
එම නිසා ආදර අත්දැකීම් නම් නැහැ. කවදා හරි මම ආදර බැඳීමක් ඇති කරගන්නා දවසකදී එහෙම කරන්නේ හිතා බලලායි. මට ආදරය කරන යුවතිය මාව තේරුම් ගන්න ඕනි. ඉංජිනේරු වෘත්තිය වටහා ගෙන ගායන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ඇයට මට අතහිත දෙන යුවතියක් වෙන්නම ඕනේ. ඒ වගේම යහපත් ගතිගුණ ඇති කරුණාවන්ත ලස්සන යුවතියක් මම බලාපොරොත්තු වෙනවා ඇය තුළින්. එවැනි යුවතියක් හමු වුණාම ආදරයේ සුන්දරත්වය විඳිනවා.”
උපුටා ගැනීම - සිළුමිණ
REMIX සින්දුව