ක්‍රීඩාවේ යෙදීමේදී විවිධ රෝගාබාධ මතුවී සිදුවන ජීවිත හානි වළක්වා ගැනීමේ මූලික පියවරක් ලෙස එම තීරණය ගත් බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම මීටර් 3000, මීටර් 5000 ගම හරහා දිවීම, අර්ධ මැරතන් හා පා පැදි තරඟවලට ළමුන් සහභාගී කරවීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්ය වන අතර ශාරීරික යෝග්‍යතා සහතිකයක් ලබා තිබිය යුතු වේ.මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රට පුරා සියලු පාසල්වලට චක්‍ර ලේඛයක් යවා ඇතැයි සඳහන් කළ මහාචාර්යවරයා පැවැසුවේ එවැනි උපදෙස් පරිදි කටයුතු නොකරන සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී ඇති බවයි.
දරුවන්ට වයිරස් උණ රෝගය වැළඳී ඇති විටදී කිසිදු අයුරකින් ක්‍රීඩාවට යොමසු නොකරණ ලෙස මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්යවරයා පැවැසීය. උණ රෝගය වැළඳී ඇතිවිට ක්‍රීඩාවල යෙදීම ජීවිත හානියට හේතුවක් විය හැකි බැවින් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුව තිබේ.