පක්‍ෂයේ වැඩ නොකරන අය ඉන්නවනම් මට SMS කරන්න

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ නොකරන එම පළාත් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඇතුළු සංවිධායකයින් පිළිබඳව SMS මාර්ගයෙන් සහ ඊමේල් මගින් ද දැන්විය හැකි බව විපක්‍ෂ නායක සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. 
 ගිරිබාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඔහු ඉල්ලා සිටියේ එජාපය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළේදී පක්ෂය වෙනුවෙන් කටයුතු නොකරන පුද්ගලයින් පිළිබඳ තමාට සෘජුවම SMSපණිවිඩයක් මාර්ගයෙන් දැනුම්දෙන ලෙසයි. 

 එම ජන හමුවේදී පාක්‍ෂිකයන්ට එසේ පැමිණිලි කල හැකි දුරකතන අංකයක්ද ප‍්‍රදර්ශණය කලේය.

Gossip Lanka Hot News Previous News Archive