බංග්ලාදේශය ලබාදුන් ලකුණු 160ක ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ඔවුන්ට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.බංග්ලාදේශය මෙම තරගයේ පළමු ඉණිමට ලකුණු 240ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් ශ්රී ලංකාව ලකුණු 346ක් ගත්තේය.
බංග්ලාදේශ දෙවන ඉණිම ලකුණු 265ට සීමා විය.ඒ අනුව ශ්රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 160කි.ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණය වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 51ක් හා තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය.සංගක්කාර පළමු ඉණිමේදීත් ලකුණු 139ක් ලබා ගත්තේය.රංගන හේරත් අද සිය 200 වැනි ටෙස්ට් කඩුල්ලද දවා ගත් අතර ඔහු පළමු ඉණිමේදී කඩුලු 5ක් හා දෙවන ඉණිමේදී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත්වීම විශේෂත්වයකි.
අද තරගයේ සිව්වැනි දිනය ද විය.
ලකුණු පුවරුව