මාරාන්තික වෛරසයක් ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවති

 World health officials focus on deadly virus
ලොවපුරා ව්‍යාප්තවෙමින් පවතින මිනිසාට ආසාදනය විය හැකි මාරාන්තික වෛරසයක් පිළිබඳව මෙරට බලධාරින්ගේ අවධානය යොමුව තිබේ.ඒජන්සි වාර්තා පැවසුවේ මෙය 2003 වසරේ ලොව පුරා ව්‍යාප්තවූ සාස් වෛරසය අයත් වෛරස් පවුලට අයත්වූවක් බවය.නෝවල් කො‍රෝනා වෛරසය ලෙස එය නම්කර තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දැනට මෙම වෛරසය පුද්ගලයින් 14 දෙනෙකුට ආසාදනය වී ඇති අතර, මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 08කි.ඉන් මරණ 05ක් ම වාර්තා වී ඇත්තේ සෞදි ආරාබියෙනි.
අදාළ වෛරසය ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රැකියාවල නියුතු මැදපෙරදිග රටවලිනි.අදාළ වෛරසය මෙරටට පැමිණීම වළක්වාලීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරද සිල්වා මහතා සඳහන් කළේය.එම වෛරසය තුළින් මෙරටට එල්ල විය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව නිව්ස් ෆස්ට් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළේය.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කර, සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බවය.විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම වෛරසය සතෙකුගෙන් මිනිසාට වඩා මිනිසාගෙන් මිනිසාට බෝවීමට ඇති ප්‍රවණතාව වැඩි බවය.මිනිසාට ආසාදනය විය හැකි එම මාරාන්තික වෛරසය පිළිබඳව අමෙරිකානු රෝග මර්දන හා නිවාරණ මධ්‍යස්ථානය ද එරට රජයට හා සෞඛ්‍ය බලධාරින්ට අනතුරු අඟවා තිබේ.

Gossip Lanka Hot News Previous News Archive