මෙසේ කැමැත්ත පළ කර නොමැති ක්රීඩකයන් වනුයේ අකිල ධනංජය , නුවන් කුලසේකර සහ දිනේෂ් චන්දිමාල්ය. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා සහ සචිත්ර සේනානායක යන ක්රීඩකයින් මෙවර අයි.පී.එල් තරඟාවලිය සඳහා සහභාගී වීමට තීරණය කර ඇති බව වාර්තා සදහන් කර සිටී. අයි.පී.එල් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්රී ලාංකික ක්රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පපසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවිය. 3 වනදා ඇරඹෙන ක්රිකට් තරගාවලිය සඳහා ඔවුන් ලංකාවෙන් ඉන්දියාවට පිටත්වීමට නියමිතය.
කෙසේ වෙතත් සංචාරය අතරතුරදී ඔවුන්ට චෙන්නායි මගහරින ලෙස උපදෙස් නිකුත් කළ බව සභාපතිවරයා පවසනවා.කෙසේ නමුත්, ලාංකීය ක්රීඩකයන් සහභාගි වන තරඟ චෙන්නායි නුවර පැවැත්වෙන විට එම තරඟවලට සහභාගි නොවීමට ඔවුන්ට සිදුවනු ඇති බව නොරහසක්.
ඉන්දියාවේ එක් ප්රදේශයක ක්රීඩා කිරීමට තමන්ට අවසර නොලැබීම මඟින් ක්රීඩාවේ ජීව ගුණයට හානිවනු නැති බවයි, කුමාර් සංගක්කාර පවසා තිබුණේ.
මහා ඇමතිනී ජයලලිතාගේ ඉල්ලීමට එකඟවීම පිළිබඳව ඉන්දීය ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම අයි පී එල් තරඟාවලියට සහභාගි වන ක්රීඩකයන්ටද දැඩි විවේචන එල්ල වී තිබේ.
ඔවුන් යලි සියරට පැමිණෙන විට කුණු බිත්තර ප්රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි දැඩි මතධාරී බෞද්ධ සවිධානයක් අනතුරු අඟවා තිබුණි.
-සබැදි පුවත්-
1.සල්ලි නෙමෙයි රට ගැනත් හිතන්න ඕනේ - Arjuna Ranatunga