Pages

වසර 15 කට පසු බ්‍රිටිෂ් එයාර්වේස් ලංකාවට එයි - British Airways flights to Sri Lanka


බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම මාලදිවයින හරහා නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

මේ අනුව, අප්‍රේල් 15 වනදා සිට සමාගම Boeing 777-200 යානයක් යොදා ගනිමින් ලන්ඩන් ගැට්වික් හා කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බ්‍රිටිෂ් එයාර්වේස් කොළඹට පියාසර කරන්නේ අවුරුදු 15 කට පසුව වන අතර ඉන්දියානුවන්ට පසුව ශ්‍රී ලංකාවට වැඩිපුරම පැමිණෙන්නේ බ්‍රිතාන්‍යය ජාතිකයින්ය.2012 වසරේදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය සංචාරකයින් ප්‍රමාණය 114,000 කි.