බෝස්ටන් ධාවන තරඟයේ දී බෝම්බ 2 ක් පිපිරෙයි

ඇමෙරිකාවේ පැවැත්වුනු වාර්ෂික බොස්ටන් මැරතන් තරගය ආසන්නයේ පිපිරුනු බෝම්බ ද්විත්වයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් සියදෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.මැරතන් තරගයේ අවසන අන්තයට ආසන්නව සිදුවූ පළමු බෝම්බ පිපිරීම එරට වේලාවෙන් ප.ව. 2.50ට සිදුවූ බවත්, ඊට තත්පර කිහිපයකට පසුව දෙවන බෝම්බයද පුපුරා ගිය බවත් ඒජන්සි වාර්තා සඳහන් කරයි.

ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, ප‍්‍රාන්ත පොලිසිය විසින් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙය ත‍්‍රස්ත ප‍්‍රහාර පරීක්ෂණයක් ද විය හැකි බව අමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යංශය (FBI) පවසයි.
රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසා තිබුනේ මෙම ප‍්‍රහාර වලට වගකිව යුතු පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවයි.
බොස්ටන් මැරතන් තරගය යනු ලොව පැවැත්වෙන පැරණිතම වාර්ෂික මැරතන් තරගයයි.

බොස්ටන් මැරතන් තරගය මෙවර පැවැත්වුනේ 117 වරට වන අතර, මේ සඳහා තරගකරුවන් 23,000ක් පමණ සහභාගී වී තිබුණි.
Boston Marathon explosions: 3 dead, more than 100 hurt














Gossip Lanka Hot News Previous News Archive