මේ මස 20වැනිදා සිට බස් ගාස්තුව සියයට 7කින් ඉහළ දමන බව පෞද්ගලික ප්රවාහන ඇමැති සී.බී.රත්නායක මහතා තමන්ට දැනුම් දුන්නේ යැයි සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියංජිත් මහතා පැවසිය.ඒ අනුව 20 වැනිදා තෙක් කිසිදු වෘත්තීය ක්රියාමාර්ගයකට නොයන අතර යම් හෙයකින් අදාළ දිනයේදී වැඩි කළ බස් ගාස්තුව නොලැබෙන්නේ නම් වෘත්තීය ක්රියාමාර්ගයකට එළැඹීමට දැනටමත් බස් සංගම් එකමුතුව තීරණය කොට ඇති බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් ලංකා
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප කළ විමසීමේදී හෙතෙම කීවේ අවුරුදු කාලයේදී මගීන් අපහසුතාවට පත් නොකිරීමට අකැමැති නිසා සිංහල අලුත් අවුරුද්ද අවසන් වන තෙක් කිසිදු වෘත්තීය ක්රියාමාර්ගයකට නොඑළැඹීමට සංගමය තීරණය කළ බවයි.
මේ සම්බන්ධයෙන් ලංකා