යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.එහි ප්‍රකාශකයෙකු පැවසුවේ විදුලිබිල වැඩි වන්නේ අපේ‍්‍රල් මස 12 වනදා සිට නොව අපේ‍්‍රල් මස 20 වනදා සිට බවයි. කෙසේවෙතත්, මහජන උපයෝගීතා කොමිසම් සභාව ඊයේ ප්‍රකාශ කළේ අපේ‍්‍රල් 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බවයි.
නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව සමස්ත විදුලි ගාස්තුව සියයට 26කින් ඉහළ යනු ඇති. ගෘහස්ථ විදුලි බිල සියයට 68කින් ඉහළ යාම විශේෂත්වයක්. නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 30ට අඩු ගෘහස්ථ පාරිභෝගියකින්ගේ විදුලි බිල සියයට 49ක සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ යාමට නියමිතයි. ඒකක 30ත් 90ත් අතර ගෘහස්ථ විදුලි ගාස්තුව වැඩි වන සාමාන්‍ය ප්‍රතිශතය සියයට 64ක්. වැඩිම ප්‍රතිශතයකින් ඉහළ යන්නේ ඒකක 90ත් 200ත් අතර විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන ජනතාවයි. එම විදුලි ගාස්තුව සියයට 66ක සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දමා තිබෙනවා. ඒකක 300ත් 900ත් අතර විදුලි බිලෙහි වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය සියයට 11යි දශම 8ක්. ඒකක 900ට වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි බිලක ඉහළ යෑමේ සාමාන්‍ය ප්‍රතිශතය සියයට 6ක් වනවා.