2012දී හම්බන්තොටට නෞකා 34ක්ම ඇවිත්!

හම්බන්තොට වරායට පසුගිය වසරේදී නෞකා 34ක් පැමිණ ඇති බවද වරාය අධිකාරිය සඳහන් කරයි.

මේ අතර, ගාලු වරායට පසුගිය වසරේ නෞකා 69ක් පැමිණ ඇති අතර ත්‍රිකුණාමලය වරායට නෞකා 161ක් පැමිණ තිබේ. එය සියයට 15.6ක ඉහළ යෑමක් බව වරාය අධිකාරිය සඳහන් කරයි.මෙසේ පැමිණි නෞකා අතර ශ්‍රී ලංකා නැවු සංස්ථාවේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා ද වේ.කෙසේවුවද, පසුගිය වසරේදී කොළඹ වරායට නෞකා 3870 ක්ම පැමිණ ඇත.මේ අනුව, පසුගිය 2012 වර්ෂය තුළදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් ලාභය සියයට 57.8කින් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව වරාය අධිකාරිය පසුගිය වර්ෂයේදී ලැබු ලාබය රුපියල් බිලියන 13.01ක් බවත් වරාය අධිකාරිය සඳහන් කරයි.
මේ අතර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරම්භ කර මාර්තු 18 සිට අප්‍රේල් 19 දා දක්වා කාලය තුළ ගුවන් යානා 53ක් සංසරණය කර තිබේ. මත්තල ගුවන්තොටුපළ වෙත මගීන් 2033ක් පැමිණ ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මගීන් 1301 ක් ගමන් කර ඇත.

විදේශ රටවලට මගීන් 1948 ක් මත්තල ගුවන්තොටුපලින් පිටව ගොස් ඇත.

මාසයක් වැනි කාලයකදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල විශාල ප්‍රගතියක් ලබා ඇතැයි සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පවසයි.

Gossip Lanka Hot News Previous News Archive