"විදුලිය විසන්දි කිරීමේ පිළිවෙත යටතේ නම් විදුලි ගාස්තු වැඩි නොකර දෙන්න පුළුවන් "
ලබන වසරේ ජනවාරි මස වන තෙක් නැවත විදුලි ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ලබන වසරේ ජනවාරි මස වන තෙක් නැවත විදුලි ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) පෙරවරුවේ ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ දැනට නොරොච්චෝලේ විදුලි බලාගාරය යටතේ දෙසැම්බර් සහ ජනවාරි මස සිට මෙගාවොට් 600ක විදුලි බලයක් නිෂ්පාදනය කෙරෙන අතර එබැන් ලබන ජනවාරි මස වන තෙක් නැවත විදුලි ගාස්තු වැඩිකිරීමට මේ අනුව සිදු නොවන බවයි.දැනට විදුලි ගාස්තුව ඉහළ නැංවීම නිසා මධ්‍යම පංතියේ ජනතාවට අසාධාරණයක් වී ඇති බව තමා පිළිගන්නා බවත් එසේ නමුත් මේ පිළිබදව ඇතැම් මාධ්‍ය ආයතන වැරදි ප්‍රචාරයක් ගෙන යමින් ජනතාවට වැරදි ආකල්පයක් ලබාදීට ක්‍රියාකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අපේ අසල්වාසී ඇතැම් රටවල දිනකට පැය 2 සිට 8 දක්වා විදුලිය විසන්දි කිරීම කරනු ලැබූවත් ලංකාවේ එසේ කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය සැමට විදුලිය යන තේමාව යටතේ විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් සියලු ම දෙනාට විදුලිය ලබාදීමට ක්‍රියා කරමින් සිටින බවයි.
මේ හේතුවෙන් දැනට රටේ 94%ක් ජනතාවට විදුලි පහසුකම් ලබාදීමේ හැකියාව හිමිව ඇති බව පැවසූ ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ සැමට විදුලිය යන ව්‍යාපෘතිය අතහැර දමා විදුලිය විසන්දි කිරීමේ පිළිවෙත අනුගමනය කළහොත් මේ අයුරින් විදුලි ගාස්තු වැඩිකිරීමට සිදුනොවන බවයි.
රටේ විදුලිය විසන්දි කරනවාදැයි හෝ නැති නම් විදුලි ගාස්තු ඉහළ දමනවාදැයි තීරණය කරනු ලැබූයේ වසර දෙකක කාලයක් තිස්සේ විවිධ ක්ෂේත්රවල පුද්ගයින් සමඟ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් මත මිසක් පෙර විදුලි බලය විෂය භාර අමාත්‍යවරයාගේ හෝ වර්තමාන විෂය භාර අමාත්‍යවරයාගේ ඒකාධිපති තීරණයක් මත නොවන බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.