මාතර කොකේන් පැල ගලවන්න සති 2ක සමා කාලයක්

සුදුහඳුන් යැයි සිතා මහන්සියෙන් රැකබලාගත් කොකේන් පැල ගලවා ඉවත් කිරීමට මාතර වැසියන්ට සති දෙකක සමා කාලයක් ලබාදී ඇත.

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහ මහතා කියා සිටියේ, ඇතැම් අය දැනටමත් එම පැළ ගලවා ඉවත් කර තිබෙන බවයි.මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයක සුදු හදුන් නමින් බෙදා දුන් පැළෑටි කොකේන් මත්ද්‍රව්‍ය පැළෑටි බව අධ්‍යනයකින් හෙළි වී තිබිණ.කෙසේවෙතත් කොකේන් ශාක දැන හෝ නොදැන බලපත‍්‍රයක් නොමැතිව වගා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිරිල් විජේසුන්දර මහතා පැවසිය.

අමාත්‍ය බින්දුවීරසිංහ මහතාගේ නිවසේද, මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේද මෙම ශාකය වගා කර ඇතැයි වාර්තාවිය.ඒ සම්බන්ධයෙන් අමාත්‍ය බින්දු වීරසිංහ මහතා කියා සිටියේ, කොකේන් පැළ වගා කළ අයට නොව දඬුවම් කළ යුත්තේ ඔවුන් නොමග යවමින් එම පැළ බෙදා දුන් අයට බවයි.

මෙම ශාකය කිසියම් පුද්ගලයෙකු වගා කළහොත් මිස ආක‍්‍රමණ ශාකයක් ලෙස ව්‍යාප්ත නොවන බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිරිල් විජේසුන්දර මහතා පැවසිය.

ඇතැම් නැගෙනහිර ආසියාතික රටවල මෙම ශාකය අලංකරණය සඳහා ද වගාකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

-සබැදි පුවත්-
1. මාතර කොකේන් පැළ ගැලවීමට යයි - Cocaine Cultivation in Matara

Gossip Lanka Hot News Previous News Archive