පසුගියදා මෙරටට පැමිණි කැසිනෝ රජු ලෙස ප්‍රකට ඔස්ට්‍රේලියානු ජාතික ඡේම්ස් පැකර් කොළඹ ඩී. ආර්. විඡේවර්ධන මාවතේ මහල් 36කින් යුත් කැසිනෝ මාළිගයක් "ක්‍රවුන් කලම්බෝ" නමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඩොලර් මිලියන 350ක ආයෝජනයකින් ඉදි කෙරෙන මේ කැසිනෝ මාලිගය 2016 වර්ෂයේදී ඉදිකිරීම් නිමවා විවෘත කිරීමට නියමිතය.
2010 වර්ෂයේදී කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ සූදු හෝ කැසිනෝ ව්‍යාපාර සඳහා ප්‍රදේශ නම් කිරීමේ හැකියාව ඇත්තේ එකී විෂයය භාර අමාත්‍යවරයාටය. මෙම විශය භාරව ඇත්තේ මුදල් ඇමතිවරයා සතුවය. මුදල් ඇමතිවරයා යනු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.මේ පනත මුලදී හැඳින්වූයේ සූදු විධිවිධාන පනත යනුවෙණි. කෙසේ නමුත් පසුව පැමිණි විරෝධතා හේතුවෙන් එය කැසිනෝ නියාමන පනත ලෙස වෙනස් කෙරිණි.