Pages

රුසියාවේ පිහිටි තට්ටු 40ක සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ දැවැන්ත ගින්නක්

රුසියාවේ උතුරු කොකේසස් ප‍්‍රදේශයේ පිහිටි උසම ගොඩනැගිලි සංකීර්ණයේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත. හදිසි සේවා විසින් සැපයුනු තොරතුරු අනුව බදාදා මෙම ගින්න ඇතිවී ඇති අතර බ‍්‍රහස්පතින්දා උදෑසන 1.30 වන තුරුත් මැඩ පැවැත්විය නොහැකිව තිබුණි.මෙම ගින්නෙන් සංකීර්ණයේ මහල් 40 ක ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ. ඡයාරූප වලින් පෙනෙන්නේ ගින්න එහි සියළු තට්ටු වල පැතිරගොස් ඇති බවයි. 
මීටර් 145 ක් උස ගොඩනැගිල්ලේ සිටි සියලූම දෙනා ඉවත් වීමට සමත්ව ඇති අතර කිසිවෙක් තුවාල ලබා නැතැයි පොලීසිය තහවුරු කර ඇත. ගින්න නිවීමට ගිනි නිවීමේ රථ හා පුද්ගලයන් 300ක් පමණ වෙහෙසෙමින් සිටියහ. ග්‍රොස්නි සිටි ප‍්‍රදේශයේ ආරක්ෂාවද තරකර තිබේ. 

වේගයෙන් පැතිරී ගිය ගින්න බිම සිට නිවීමට අපහසු වූ අතර ලං ලංව පිහිටි ගොඩනැගිලි නිසා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමේ හැකියාවක්ද නැතැයි ආපදා අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය. 
ගිනි ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව පරීක්ෂණයක්ද අරඹා ඇති අතර මූලික වශයෙන් සොයා ගෙන ඇත්තේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවයි. ඔලිම්පස් ලෙස හඳුන්වන මෙම මහල් ගොඩනැගිලි සංකීර්ණය ප‍්‍රංශ නළු ජෙරාඞ් ඩිපාඩියු ට අයත් වූවකි. ඔහුගේ නිවාසය තිබී ඇත්තේ 27 වන මහලේය. ඔහුට රුසියානු පුරවැසිභාවය ලද පසු ජීවත්ව ඇත්තේ මෙම නිවාස සංකීර්ණයේය. 2011 දී මෙහි කොටසක් විවෘත වූ අතර සංකීර්ණය ගොඩනැගිලි 7 කින් යුක්තය. අනුනිවාස දහසකින් පමණ එය සමන්විත වෙයි. නළුවාට චෙච්නියාවේ ගෞරවනීය පුරවැසි තත්වය ලබා දුන් එරට ජනපති රම්සාන් කැඩිලොව් කියා සිටියේ අල්ලාගේ උදවු ඇතිව ගෙඩෙනැගිල්ල යලි ඉදි කරන බවයි.